⛓️ 19 වන කොටස ⛓️

38 4 2
                                    

           
              "  විවාන් මට බයයි බන්...ඇයි උඹ එහෙම දෙයක් කිව්වේ...."

                  "  ඒ ඇරෙන්න මං වෙන මොනා කියන්නද යෙනු හැමදාම කටවහන් ඉන්න කියලද කියන්නේ....අපිට අපේ පාඩුවේ ඉන්න දෙන් නැත්තේ උන්නේ.... උගේ තාත්තා අගමැති කියලා අපි උටත් ඔළුව  නවන්න ඕනද....ඇයි මේක උන්ට ගිය රටද, ඉවසන එකේ සීමාවක් තියෙන්න ඕනේ හැමදාම බයගුල්ලෝ වගේ හිටියොත් මුන් කරන්නේ අපිව තවත් දෙකේ කොළේට දාන එක...."

                          තාමත් මගෙන්  පහව නොගිය තරහා එක්ක පොඩි වෙලා ගිය ෂර්ට් කර අතින් හදන ගමන් මං ආයෙම ළඟ තිබ්බ බංකුවෙන් වාඩි වුණේ යෙනූ කිව්ව දේවල් වලට උත්තර දෙන ගමන්....දැන් ටිකකට ඉස්සෙල්ලා වෙන්න ගිය මහ රණ්ඩුවක් නැවැත්තුණේ කියාන් කියන අයියගේ මැදිහත් වීමත් එක්ක...කියාන් අයියා අධීර්ව සංසුන් නොකරන්න  අධීර්ය එන පස්සෙන්ම ආව මගේ යාළුවෝ සෙට් එකයි අධීර්යගේ යාලුවොයි අතරයි තව ටිකෙන් ලොකු වලියක් යනවා....ඔන්න ඔය සිද්ධියේ මායි අධීරුයි අතර වෙන්න බහින්බස්වීමේ මං කියපු දේවල් වලට බය වෙච්ච යෙනූව තමා තාම මේ මට බනින්නේ....

                    " මෙනුක මෙන්න මුට තේරුම් කරපන් බන් මං මේ කියන්න හදන දේ මූ නිසා මගේ මගේ ප්‍රෙෂර් එක නඟිනවා...."

              යෙනුවා මට ගහගන්න බැරිකමට ඉස්සරහර තිබ්බ අරලිය ගහේ කඳට අත මිටිවලා පාරක් දීගෙනම ඉස්සරහට යද්දී මනෙත් ඇවිත් වාඩි වුණේ මගේ එහා පැත්තෙන්....ඒත් එක්කම චානුකයි,අකේලුයිත් මං ළඟින් හිටගත්තා....

                       " දැන් ඒ පාර උඹලත් හදන්නේ මං වැරදී කියලා දේශනයක් දෙන්නනම් මේන් වැන්දා මට පාඩුවේ ඉන්න දීපන් දවස ගාණක් තිස්සේ නැට්ට අකුලගත්ත බල්ලෙක් වගේ ඉඳලා මට එපා වෙලා තිබ්බේ දැන් මට නිදහසක් දැනෙනවා මං මමම වෙච්ච එක ගැන ඒ නිසා මට බයක්වත් පසුතැවීමක්වත් නෑ....උඹලට බයනම් මෙතනින් පලයල්ලා මට පුලුවන් මේක තනියම විසඳගන්න...."

                         යෙනූගෙන් පස්සේ අනිත් උනුත් මං ළඟින් වාඩි වෙද්දී මට  තිබ්බ තරහා  තවත් වැඩිවුණේ මුනුත් ආයෙම එකම දේම කියන්න යනවා කියලා මට හිතුණ නිසා... මටනම් මේ වුණ දේ ගැන කිසිම පසුතැවීමක් තිබුණේ නෑ සතුටක් දැනුනා මිසක්...නැත්තම් මෙච්චර කාලයක් මටම හිතාගන්න බැරි හැඟීම් එක්ක මං අධීරකාරයගෙන් හැංඟිලා හිටියේ.... දැන් මතක් වෙද්දී මටම ලැජ්ජයි කොහේවත් යන එකෙක් වෙනුවෙන් එහෙම හැසිරුණාට අද මට අධීර්ය දකිද්දී   දැනුනේ එක දෙයයි මට බය හිතුණ කිසිම හැඟීමක් එතන තිබුණේ නෑ ඌ ගැන අකමැත්තක් මිසක්....
ඒක තවත් තහවුරු උනා අද....ඒත් අවසානෙට මං කියපු දේකට පස්සේ මං ගැන අකමැත්තක් තිබුණ අධීර්ගේ ඇස් වලින් මට  පෙනුනේ වෙන දෙයක් ඒ ඇස් වලින් කිව්ව දේ එක්ක මට මං ගැනම අමුතු බයක් දැනුනා....මොකද අධීර්ය මගේ කොලර් එකෙන් ඇඳලා අරන් කිව්ව දේ එක්ක මං හිතන්න ලොකු ප්‍රශ්නයක් ඉතුරු වුණා....

ආදර උමතුව (Love Turned " Toxic")Where stories live. Discover now