" ඕක නවත්තන්න..."
ගැම්ම්ට කිව්වට මොකෝ ඒක කියවලා ඉවර වෙලා හැමෝම මගේ දිහා බලන් ඉද්දී නම් මගේ ගැම්ම හේදිලා ගියා...
" දැන් උඹ මොකද ඒ පාර..."
රයන් කියන එක ආයේ මැද්දට පනිද්දී මොකක්දෝ හේතුවකට මන් අධීර්ය ඉන්න පැත්ත බැලුවා...ඒත් ඌ අර කලින් හිටිය ගල් බිල්ලා සීන් එකෙන්ම මේ වෙන දේ බලන් හිටියා...
" මොකක්ද බන් මේ....උඹලා අපි එක වයසෙනේ ඇයි මේ පොඩි දේකට කේස් අඳින්නේ...අපි ඔක්කොම ළමයිනේ බන්....ඇරත් අද අපේ පළවෙනි දවස ඒ නිසා මේ කියන දේවල් එච්චර ගණන් ගන්න එපා...."
මේ වෙලාවේ රණ්ඩු අල්ලන්න මට මූඩ් එකක් නොතිබිච්ච නිසා බොහෝම ඉවසීමෙන් මං උන්ට උත්තර දුන්නා...." අපි කලිනුත් කිව්වනේ උඹලට මේක පොඩි උනාට මේක අපිට පොඩි නෑ....උඹලව පළවෙනි දවසෙම හැදුවේ නැත්තම් ඉස්සරහට උඹලා නගින්නේ අපේ කරවල් වල...."
තව එකෙක් මට උත්තර දෙද්දී මං ඌ දිහා බැලුවා...
" හරි බන් මේක උඹලගේ ඉස්කෝලේ අපි මේ ස්කෝලේ දේවල් වලට මැදිහත් වෙන්නේ නෑ උඹලට ඒකනේ වෙන්න ඕනේ....ඒත් දැන් උඹලා මේ කරන වැඩේ හරිනෑනේ...."
" ඇයි මොකක්ද හොඳ නැත්තේ...." ආයි අය රයන් කියන එකා කෑගැහුවා....
" මෙහෙම සපත්තු පිහිදාන්න කියන හරි නෑනේ බන් අපි ඔක්කොම කොල්ලොනේ මේ දේ හරි නෑ....අනික මට බෑ මගේ යාළුවා කාගෙවල් සපත්තු පිහිදනවා බලන්න...."
මං දැක්කා මං ඒක කිව්වම යෙනූ කදුළු පුරෝගෙන මං දිහා බලන් හිටියා....
" ඕ....ඒකත් එහෙමද...."
ඒ එක්කම වගේ මට ඇහුණේ මෙච්චර වෙලාවක් මට ඇහුණේ නැති කටහඬක්....ඒ නිසාම හඬ ඇහුණ දිහාට ඔළුව කරකවද්දී මං දැක්කේ ඒ කටහඩේ අයිතිකාරයව....
" අධීර්ය...."
ඔව් ඒ කතා කළේ අධීර්ය මෙච්චර වෙලාවක කටවහගෙන මේ ඩ්‍රාමා එක බලන් හිටපු එයා අන්තිමට කතා කළා...
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Non-Fictionමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...