⛓️ 15 වන කොටස ⛓️

69 6 9
                                    

අතීතයට..... ❤️

                එදා දවසේ ඉඳන් තවත් සතියක් ගෙවිලා යද්දී මට දැණුනා ටිකින් ටික මගේ වටේ වෙන දේවල් ටිකක් අමුතුයි වගේ....හරියටම මට ඒ දේවල් කියන්න තේරෙන් නෑ....ඒත් මට හැම වෙලේම දැනෙනවා කවුරුහරි මං දිහා බලනවා වගේ ඒත් බලද්දී එහෙම කවුරුවත් නෑ....මටනම් පිස්සු වගේ....මේ හැමදේටම වග කියන්න ඕනේ අර අධීරයා ඒ යකා යන්න කලින් කියපු දේ සතියක් ගිහිල්ලත් මට අමතක කරන්න බැරිවුණා....මට තාම හිතාගන්න බැරි අධීර්ය කියපු දේ තේරුම මොකක් ද කියලා.....

                 
              පුහ්හ්....මේ යකා ඉඳලා ඉඳලා ඇවිත් මගේ ඔළුවත් අවුල් කරලා ගියානේ යකෝ....මූ කිව්වත් වගේ එදා ඉඳන් අතුරුදන් වුණා....එහෙම නැත්තම් මං හැංඟුණා ද මන්දා මට අධීර්යව දැක්කෙම නෑ....අනික මට බය හිතුණා එදා අධීර්ය කියපු දේට...

                  ( " ම්ම්ම් විවාන්....පුළුවන්නම් මගේ ඇස් වලට වහන් වෙලා හිටිය විදියටම ඉන්නවා....මොකද අද අතෑරියට ආයේ පාරක් මං තමුන්ව දැක්කොත් සමහරවිට මගේ අවුරුදු 16ටම මං නොකරපු දෙයක් මට කරන්න හිතෙයි...දැන් යනවා...." )

                       ෂිට්....මට තියෙන්නේ හරිම කෙටි කාලීන මතකයක් මේ කරන දේ මේ මතක බෑ....ඒත් මේ අධීරයා කිව්ව වචන මට එකක් නෑර මතකයි....ඒකත් නරකම දේ ඒක මගේ මොලේ හැමවෙලේම රීපිට් කර කර ඇහෙන්න සලස්වන එක.....ඒ වචන ඇහිලම මටම දැන් එපා වෙලා....එක්කෝ ඒ යක එවෙලෙම ඕක කියලා යන්න ඕනේ මගේ ඔළුව අවුල් නොකර....දැන් ඉතින් මට වැඩ නැතුවට වැඩ....

                      පොඩ්ඩක් ඉන්න....පොඩ්ඩක් ඉන්න....පොර අන්තිමට කිව්වේ මාව ආයේ දැක්කොත් අවුරුදු 16ටම නොකරපු දෙයක් කරයි කියලා නේ ද....ඒ.....ඒ කියන්නේ පොර මාව ආයේ දැක්කොත් මාව උස්සන් ගිහින් මරයිද....ඔය යකා එහෙමට එකෙක් තමයි....

                              අනේ දෙයියනේ ඇත්තටම එහෙම දෙයක් කළොත් අපේ අම්මට ඉන්න එකම කොල්ලා මංනේ....අනික මං මැරුණොත් ගමටම ඉන්න ලස්සන කොල්ලා නැතිවෙනවනේ ඒවා හිතද්දී  මට ඇඟට හීන් දාඩිය දාන්න ගත්තා....

                       නෑ....නෑ....එහෙම වෙන්න විදියක් නෑ....මං මොනා කරාටද ආයේ දැක්කොත් මාව මරන්නේ....ඒත් බැරිවෙලාවත් පොර psychopath කෙනෙක් වගේ නම්.....බෑ....එහෙම වෙන්න බෑ එහෙම වුණානන් මට කියන්නේ නෑනේ 16ටන නොකරපු දෙයක් කරනවා කියලා....ඒත් පොර මගෙන් පටන් ගන්න හිතනවනම්....

ආදර උමතුව (Love Turned " Toxic")Where stories live. Discover now