" අඩෝ ඒ තමා බං අධීර් අකේෂ්වර් ඇන්ඩෲ රණදීර කියන්නේ ..."
" අඩෝ සිරාවට මං මූව ටීවී වල නම් දැකලා තියනවා තමා හැබැයි නම නම් ඉතින් දැන්න් හිටියේ නෑ..... ඌ මොඩ්ල් කෙනෙක්නේ ඕකට ඔච්චර මොකෝ ඉතින් උගේ අහවල් එකට වඳින්නේ..."
" අනේ උඹ දන්න මඟුල ඌ මොඩ්ල් කෙනෙක් වෙන්න ඇති....අඩෝ ඌ ඊටත් වඩා කෙනෙක් බන්...."
" එහෙනම් මොකාද බන් ඌ...."
" අඩෝ ඌ තමා සිසිර රණදීරගේ බාල පුතා...."
" ආහ්...උගෙද මට නම අහලා පුරුදුයි...මතකෙට එන්නෑනේ....අ...අඩෝ...පො...පොඩ්ඩක් හි..ටපන් මේ...එ...එතකොට...මේ....අපේ...."
" ඔව් යකෝ මේ අපේ රටේ අගමැතිගේ බාල පුතා ඌ...ඌ වැඩිය දේශපාලන වැඩවලට එන්න කැමති නෑලූ ඒකයි අපි ටීවී දේශපාලන වැඩ වලදී ඌව දැකලා නැත්තේ...ඌ මොඩ්ල් කරන්නෙත් උගෙන් අම්මගේ මොඩ්ල් ඒජන්සි එක නිසාලු...උගේ අම්මා ක්ලෙමෙන්ටිනා ඇන්ඩෲ orient garments වගේම casual model academy එකේ ඕනර්ලූ.... අඩෝ මගේ කකුල් දෙකත් පණනැති උනා ඕයී ඒක අහලා උටනේ යකෝ අපි අරම කිව්වේ....උඹට කියන්නේ සසංකයට භාගෙට උණ ගත්තා ඒක අහලා ඌනම් ආයේ කටක් හොල්ලන එකක් නෑ...ආයේ ඉතින් හෙල්ලුවොත් හොල්ලන්න කටක් ඉතුරු වෙයිද දන් නෑනේ....උඹට හවස පීරියඩ් වල මේක කියන්න කොච්චර නැගිට්ටවන්න ට්රයි කළා ද කොහෙ ද උඹ නින්දෙන් නැගිට්ටේ ස්කෝලේ ඇරෙන්න ඔන්න මෙන්න තියලනේ පස්සේ ඒක උඹ අහනකන්ම අමතක වෙලා තිබ්බේ..."
ඒක ඇහුවා විතරයි මගෙත් නිදිමත් ගියා වගේ උනා...
" අඩෝ සිරාවට ඒකෙත් හැටි බං නේ...තියන එකාටමනේ බන් ඔක්කොම...දැන් බලහන් ගමේම ලස්සන කොල්ලනේ බන් මං කොහොමද මට තිබ්බ ගැම්ම ඒ දවස්වල... ඒකට බලහන් මෙහේ ඇවිත් සල්ලිත් නෑ,බලයත් නෑ...අන්තිමට පෙනුමත් නෑ...දැන් ඉතින් අපි දෙන්නට ඉතුරු අවුරුදු දෙකේම නැට්ටේ පු# ගහපු රිලව් දෙන්නා වගේ ඉන්න...."
" ඒ මොකෝ...."
" ඒ මොකෝ අහන්නේ යකෝ උඹ කියන්නේ අගමැතිගේ පුතාට මොනාහරි කියලා අපි මෙහේ ඉන්නද...අපේ නම් දෙකත් ලංකා සිතියමෙන් අයින් කරයි ඕකුන්..."
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Non-Fictionමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...