ඔය විදියට සතියක් විතර ගෙවිලා ගියේ හරිම සාමකාමී විදියට....උදේ ඉදන් ආතල් එකේ හිටියද මොකද අන්තිම පීරියඩ් දෙකේ දී උනේ අපි හිතුවෙවත් නැති දෙයක්.... අපේ 12 මැත්ස් ක්ලාස් දෙකටම උගන්නන්න කවුරුත් ආවේ නිසා අනිත් පංතියේ උනුත් අපේ එකට ඇවිත් අපිත් එක්ක කයියක් දාන් හිටියේ....කෙල්ලෝ වගේ නෙමේනේ කොල්ලෝ පඩ ලයින් දැම්මට ටික වෙලාවක් යද්දී ඉක්මනට සෙට් වෙනවා....ඒ නිසාම ද කොහෙ ද දවසක් යන්න කලින් අළුත් පරණ බේදයක් නැතුව අපි හැමෝම එක පොදියට කයියට වැටුණා.... ඒවත් ඉතින් අර අහවල් ස්කෝලේ කෙල්ලගේ අහවල් එකයි ළඟ එන බිග්මැච් එකයි,අළුතින් ආව ඇනිමේ,ගේම්ස් ඔව්වා මෙව්වා තමයි අපි කතා කරේ හැබැයි ඉතින් ඒවයින් භාගයක්ම කුණුහර්ප තමා....ඒවා නැතුව ඉතින් කොල්ලෝ අපි මොනා කතා කරන්න ද.....හැබැයි අපිට එහෙම කයියක් දාන් ඉන්න වුණේ ටික වෙලාවයි.... එක පාරාටම කොහෙදෝ ඉඳලා පාත් වුණ සීනියර් කොල්ලෝ ටිකක් අපේ පන්තියට ආවා හෙන් සීන් එකෙන් එතකොටයි දැක්කේ උන් අර අධීර්ගේ සෙට් එකේ කියලා....
මායි යෙනුයි මූණට මූණ බලාගත්තෙ දීර්ඝ නිහඬතාවයකට පස්සේ අදනම් වැඩේ හරි කියන්න වගේ....ඒත් එක්කමයි අපි දැක්කේ වෙනසක් නෑ අනිත් උන්ගේ මූණුත් අපි වගේම වෙලා තිබ්බා....අළුත් උන්ට ආයෙම පෝරියල් එකක් ද දන්නේ නෑ කියලා හිතලා අපි පර්ණ සෙට් එක එක දිහා බැලුවත් වෙනසක් නෑ උනුත් හිටියේ අපි වගේමයි
ආපු උන් ටික ටිකක් වෙලා පංතිය වටේම සර්ච් පාරක් දැම්මා මං හිතන්නේ කාවහරි හෙව්වා ඒ අස්සේ මට පොඩි බයකුත් දැනුණා පළවෙනි දවසෙම මං කරපු වැඩේට අධීරයා මං දිහා බලපු බැල්මත් එක්ක මටවත් පෝරියල් එකක් සෙට් වෙයි ද කියලා ඒත් ටිකකින් උන් හැමෝම උන්ගේ සෙට් එක දිහා බලලා කට කොනෙන් හිනා වෙන්න ගත්තේ උන්ට ඕන එකා හොයාගත්තා නිසා වෙන්න ඇති....ටිකක් වෙලා බලන් හිටිය උන් ටික එක පාරටම අපිවත් පහු කරලා යන්න ගද්දියි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ...
" හම්මේ මං නෙමේ මං එහෙනම්...." මං මටම කියාගත්තේ හිතට දැනුන සැනසීමෙන්
මේ.... මෙහෙම කිව්වේ බයකටනම් නෙමේ හොඳේ මෙහෙම හිටියට මං එල කොල්ලෙක් ඒත් අගමැතිගේ පුතා එක්ක නිකන් කේස් දාගන්න ඕන නෑනේ අන්න ඒක තමා හේතුව වුණේ ටිකක් ගැස්සෙන්න...කොහොමහරි සෙට් එක අපිව පහු කරලා තවත් පිටිපස්සට ගිහින් එකපාරටම අපිට පිටිපස්සේ හිටිය කොල්ලෙක්ගේ කොලර් එකෙන් අල්ලලා ඌව නැටිට්ටෙව්වා....මළ කෙලියක් චානුකයා නේද ඒ ඌනම් අලුත් එකෙක් නෙමේ ස්කෝලේ හිටිය පරණ කොල්ලෙක්....
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Non-Fictionමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...