⛓️ 18 වන කොටස ⛓️

53 6 9
                                    

                   

                    අ....අධීර්ය...."

        වෙන කවුරුවත් නෙවේ ඒ හිටියේ අධීර්ය....

             ඒත් එයා මං දිහා බලන් හිටියේ වෙන දා වගේ තරහිනුත් නෙවේ,අකමැත්තෙකිනුත් නෙමේ ඒ මැද්දේ තියන මහා අමුතු මූණකින් අධීර්ය මං දිහාම බලන් ඉන්නවා හරියට....ම්ම්ම් හරියට නිකන් කන්න වගේ නැහැ එහෙමත් නෙමේ අනේ මන්දා අප්පා....මං කිව්වේ මේ මනුස්සයා සම්බන්ධ විෂය කාරණාවෙදී මට මේ මනුස්සයගේ ඉරියව් තේරුම් ගන්න හරිම අමාරුයි....ඒ හින්දා මාත් කළේ තව තවත් ඒ මූණ දිහා බලන් හිටපු එක... මට ඕනේ වුණේ ඒ මූණේ හැඟීම් පැහැදිලිව කියවන්න....ඒත් කොහෙද තත්පරයක් යන්න කලින් ඒ මූණ මගෙන් අනිත් පැත්තට හරවගත්තා හරියට මගේ බැල්ම දරාගන්න අමාරුයි වගේ ඒත් මං බැලුවේ සාමාන්‍ය විදියටනේ....මුටත් පිස්සු දැන්නම් මූ නිසා මටත් පිස්සුයි වගේ....

                        මේ දවස්වල මගේ සවුත්තු ග්‍රහචාරේ හැටියට මෙහෙම  මඟුලක් වෙලා කොහෙන්හරි අහක යන බාල්දියක් පත්තු වෙයි කියලා හිතුණ බය නිසාමයි මං ඉස්සරහට යන්න ඕනෙයි කිව්වේ අධීරකාරයගේ මූණටවත් මුලිච්චී නොවෙන්න....ඒත් දෛවය කොච්චර අසාධාරණද කියනම් ඒකත් ඉන්නේ මගේ පරහටමයි ඒකනේ මට මෙතනම සෙට් වුණේ...අනික මේ වෙලාවෙම මෙහෙම මට අධීර්ය මේ විදියට  දකිද්දී හිතුණේ එක දෙයයි,

              ෂිට් මේකනම් මහා එපාම කරපු දවසක්....මේ ස්කෝලෙට ආවත් හරි  අද දවස තමා මහා එපාම කරපු දවස කාගෙන් බේරුණත් මට මුගෙන්නම් බේරිල්ලක් නෑ.... කොච්චර මූණට මුලිච්චි වෙන්න එපා කිව්වත් වෙන්නෙම අධීර්යට මාවත් මට අධීර්යවත් මුණ ගස්සවන වැඩක්මයි....

       ඒත්,

                  ඒකත් ඉතින් එක අතකට  වෙන්න පුලුවන් වැඩක්නේ කොච්චර කොහොම මොක කිව්වත්   එකම ස්කෝලේ ඉද්දී නොදැක ඉන්න පුලුවන් වෙන්න තරම්  ඉතින් ස්කෝලේ ලොකු නෑනේ....අනික ඉතින් උට නොපෙනී හැන්ඟිලා  යන්න ඉතින් මං ක්ෂුද්‍ර ජීවියෙක් නෙවේනේ.... එකම සබ්ජෙට් කරද්දී කොහොමත් සෙට් වෙනවා ඉතින් අධීර්ය කියනවා වගේ එයාට පේන් නැතුව ඉන්න කියන එක මෙතනට ප්‍රායෝගික නෑ.....ඒත් අප්පා මට මූව හම්බවෙන්නෙම එක්කෝ උට නැත්තම්  මට අප්සට් වෙලාවටලමයි....

ආදර උමතුව (Love Turned " Toxic")Where stories live. Discover now