සුදු කිව්වේ ලාවට හිනා වෙලා කිසිම බයක් නැතුවම. මට පුදුමත් හිතුනා. මොකද සුදු මම කොච්චර ආදරෙන් කතා කරත් ඒ තරම් දැනෙන්න මටවත් කතා කරලා නෑ. මට මේ මට අයිති දෙයක් වගේම පැතුම්ටත් සුදු කියන්නේ මට අයිති දෙයක් වගේ දැනෙන ගානටයි කිව්වේ.
"මූට මල්ලිලා නෑ බන්"
පැතුම් කින්ඩියට වගේ කිවුවත් සුදුගේ මූනෙවත් කිසිම බයක් සැකයක් තිබුනෙත් නෑ
"මේ මගේ අයියා මම එයාගේ මල්ලි අයියේ. පුරං අයියට තවත් ඒක ප්රශ්නයක් වගේ නම් අම්මට කතා කරලා අහන්න."
"උඹේ අම්මටද??? ඉන්දු අන්ටිටද???"
"අයියා අම්මට call එකක් අරගමුද???"
සුදු අපේ අම්මට call එකක් ගත්තා. මම වෙන්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බැරුව බලන් හිටියා. සුදු ස්පිකර් එකත් on කරා මට තේරුනා සුදු මට නොකියපු දෙයක් තියන වගක්.
" හෙලෝ අම්මා "
" අනේ මගේ සුදු පුතා මොකද කරන්නේ??? අයියා උදේ ගෙනත් ඇරලුවද පුතේ?? මට ගන්නත් බැරි උනා call එකක්"
" ඔව් අම්මා මේඝ අයියා උදේ මාව ඇරලවලා ගියේ දැන් එක්කන් යන්නත් ඇවිත් ඉන්නේ අම්මා"
" පරිස්සමින් ඉන්න පුතේ අයියා ඔයාව බලාගනි මම කියලමයි එව්වෙත්. අනේ සුදු අයියා ගැන ඔයත් බලන්න දන්නවනේ එයාගේ විදිහ."
"හරි අම්මා අයියා මාව බලාගන්නවා අම්මා බය වෙන්න එපා මමත් අයියා ගැන බලන්නම්"
"මගේ කොල්ලෝ දෙන්නටම බුදුසරනයි"
" බුදුසරනයි අම්මා "
සුදු කිසිම කලබලයක් නැතිව call එක cut කරලා පැතුමා ඉන්නවද කියලවත් නොදන්න ගානට මට කතා කරා.
" මාව එක්කන් යන්නද ආවේ අයියේ "
" සුදු වැඩ ඉවරද තව practice කරන්න ඕනේ නම් කරන්න මමත් ඉන්නම් ඉවර වෙනකම්"
පැතුමා බයවෙලා බලන් ඉඳලා කතා කරා
" උඹලා දෙන්නා කතා කරලා එන්න එහෙනම් මං යනවා ටැබා "
පැත්මා යනකම් ඉඳලා මම සුදු දිහා බැලුවා සුදු අමුතු විදිහට හිනා වෙනවා ඒක ඇට්ටර හිනාවක්.
YOU ARE READING
සන්තාන- SANTHANA - සිංහල BL - University Love පේරා
RomanceNon fiction BL මහා මේඝයක් සෙනෙහසින් නිවාලු උඹමයි හදවතම දවා හලු කල නිවා සැනසුවද මගේ සෙනෙහස් නිම්නය උඹ දන්නවද මම උඹට හරි අදරෙයි මැණික වචනෙන් නොකිවට උඹ තමයි මම නිවුනු එකම තැන