16

53 4 0
                                    

මම නැගිටිද්දි නිම්න නැගිටලා හිටියේ.

"සුදු "

" ම්ම්ම් නැගිටද බබා"

නිම්න ලැප් එකත් දිගෑරගන වැඩක හිටියේ. එයා එක sofa එකේ තියලා නැගිටලා ලඟට ආවේ ඒ වශීවෙන හිනාවත් එක්ක මම එයා පැත්ත හැරිලා එයා දි බලාගනමයි හිටියේ නිම්න මගේ කම්මුල ඉඹලා ඇස් දෙකෙන් ඇයි ඇහැවා.

"ඔයා යනවද???"

" මම ගිහින් හවස එන්නම් අයියේ"

"හ්ම්ම්ම්"

" මොකෝ මේ ම්ම්ම්"

" ඔයා ගියාම මට පාලුයි "

" අනේ මම lectures ඉවර උන ගමන් එනම් මැණික "

" හ්ම්ම්ම්"

" බඩගිනිද???"

" නෑ "

" එහෙනම් අමාරුද ඇඟට "

" නෑ "

" එහෙනම් ඇයි මේ මුනත් රතු කරන්. මම හවස එනවමයි යන්න ඔනේ නිසාමයි යන්නේ "

" නිම්න මට අාදරෙයි ද???"

"ඔව් මහ ගොඩක්!!! මගේ මේඝ තමයි මගේ මුලු ජීවිතේම"

ඒ ඇස් හිනාවෙනවා දිලිසෙනවා. අද මම ලෙඩ ඇදේ නොවුනා නම් කියලමයි මට ඒ වචන ටික අහද්දි හිතුනේ.

" මගෙත් "

" අපි wash දාමුද? "

" හා "

නිම්න ඊයේ වගේම මාවත් වත්තන් කරගෙන ගිහින් මගේ ඇදුම් ඔක්කොම ගලවලා දැම්මා මට පුදුමයි එයා පුදුම ආදරයක් මිසක් වෙන කිසිම හැගීමක් නැතුව මගේ නිරුවත් ඇඟ හොදවනවා උනුවතුරෙන්ම එක දශමයක් නෑරම අතගෑවෙන මගේ නිරුවත ඉදිරියේ පුංචිම ගැඟිමක්වත් ඇවිස්සුනේ නෑ එයාට.

මම නිම්න දිහා ඇස් පිල්ලම් නොගහ බලන් හිටියා. මොකද මේ මගේ ඇස් ඉස්සරහ ඉන්න ආත්මයම සෙත් කවියක් තරම් නිවීමක්.

" සුදු "

" ම්ම්ම් "

" කොහොමද ඔහොම ඉන්නේ "

එයා මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකින්

" මගේ ඇගේ නූල් පොටක් වත් නෑ "

"ඉතින්"

" ඔයාට මොකුත්......

ඒ ඇස් හිනා උනා

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාOnde histórias criam vida. Descubra agora