මල්ලි මගේ තමරුට මොකද උනේ...
"අනේ දන්නේ නෑ අයියේ ඊයේ ඇඟට අමාරුයි කිව්වා මට බයික් එක ගන්න කිව්වා ඒත් ඊට එහා දෙයක් කතා කරේ නෑ."
" ඇයි මල්ලි මෙහෙම වෙලා තියෙන්නේ??? "
"අප්පච්චි නම් කිව්වේ Depression අන්තිම stage එකේ කියලා අයියේ ඒ නිසා low pressure ඇවිත් කියලා."
" මේඝ මල්ලි මට ඔයාගේ අප්පච්චි හම්බෙන්න පුලුවන්ද??? "
" හරි අයියේ "
මමයි නිම්නයි ධාරක අයියයි තුන්දෙනාම අප්පච්චි ඉන්න වාට්ටුවට ගියා. ධරන අයියා අප්පච්චි එක්ක කතා කරේ.
" ඩොක්ට මම නිම්නගේ අයියා. තමරුට කොහොමද??? "
" අහ් සුදු පුතාගේ අයියා ලංකාවට ආවා කිව්වත් මුනගැහුනේ නෑනේ. nice to meet you පුතා."
" Nice to meet you too doctor "
" තමරු ගැන කිව්වොත් නම් දරුවෝ දැනට තියන තත්වේ එක්ක එයාට Psychiatrist කෙනෙක් මුනගැහෙන්නම වෙනවා. මොකද එයාට කායිකව කිසිම අසනීපයක් නෑ එත් එයාගේ mental Helth එකනම් අන්තිම දුර්වලයි වගේ."
" අැයි ඩොක්ට එයාට සිහිය නැත්තේ "
" ඒ ලමයට low pressure ඇවිත් මට පුදුමයි එ් ලමයා ගැන ඒ ලමයගේ දරාගැනීම ගැනත්. එත් දැන් නම් එයා mentally වගේම physically හොඳටම දුර්වලයි. අපි බලමු ගෙදරින් ආවහම ගෙදර යවන්න."
" එපා doctor මම එයා ගැන බලන්නම්. දැන් එයාව හොඳ psychiatrist කෙනෙක්ට පෙන්නන්න ඕනෙත් නේ ඇරත් ගෙදරින් මොනවගේ හිතයිද දන්නෙත් නෑ මම බලාගන්නම් තමරුව මම තව මාසයක් ඉන්නවනේ."
" okay පුතා එක අතකට ඒකත් හොඳයි. ඕනෙම දේකට මට හරි අම්මට හරි කියන්න සුදු පුතා."
" අපි තමරුව private hospital එක්ක නතර කරන්නද doctor."
" දැනට ඉන්න පුතා තව දවසක් එයාව බලලා අපි private එක්ක නතර කරමු."
" හරි doctor "
අපි තුන්දෙනාම ආවත් ආයම තමරු ඉන්නේ තාමත් ICU එකේ."
" පොඩි අද ඔයා මේඝ මල්ලි එක්ක යන්න මම මෙතන ඉන්නම්."
" පුලුවන්ද ලොකු ඔයාට "
" මට පුලුවන් "
මමයි නිම්නයි අයිය බලෙන්ම වගේ යැව්වේ අපි දෙන්නම අද lectures පාඩු කරගන්නවට එයා අකමැති නිසා.
VOCÊ ESTÁ LENDO
සන්තාන- SANTHANA - සිංහල BL - University Love පේරා
RomanceNon fiction BL මහා මේඝයක් සෙනෙහසින් නිවාලු උඹමයි හදවතම දවා හලු කල නිවා සැනසුවද මගේ සෙනෙහස් නිම්නය උඹ දන්නවද මම උඹට හරි අදරෙයි මැණික වචනෙන් නොකිවට උඹ තමයි මම නිවුනු එකම තැන