" තමරු "
" ම්ම්ම් "
" ඔය Assignment එක මම කරලා දෙන්නම් කෝ එන්න මෙහාට දැන් ඇති මහන්සි වෙන්න එපා "
" මම මේක කරන්නම් අයියේ ඔයාට එපා වෙයි මේවා."
" අනේ මෙන්න මෙහේ එනවා විකාර කියවන්නේ නැතුව."
තමරු පොත් මේසේ ඉඳගන Lap එකත් දිගෑරගන ලොකු වැඩක හිටියේ වෙලාවත් හවස 5ත් පහුවෙලා. බැරිම තැන ධාරක පුටුව පස්සට බලෙන් ඇදලා නිම්නවා උස්සලා දෝතට ගත්තා.
" අනේ බිමින් තියන්නකෝ තව ටිකයි තියෙන්නේ මම එක කරන්නම්."
" අනේ මේ බබා මගෙන් මොකුත් අහගන්න එපා මේක හරි මගුලක්නේ කියන මේලෝ මගුලක් මේකා අහන්නේ නෑ "
" මට මහන්සි නෑ අනේ හරි එහෙනම් අපි දෙන්නා මිදුලට යමුද මම එද්දි දැක්කා අරලිය ගහේ මල් පිරිලා ජනෙල්ලේ ලඟට ගිහාම සුවඳයි. "
ඇත්තටම අරලිය ගහ තියෙන්නේ ධාරකගේ කාඹරේ ජනෙල්ලේ ඇරියම පේන විදිහට.එතනම සුදු වැලි අතුරපු බිම සිමින්ති බංගුවක් හදලා තියනවා. දැක්කත් හිත නිවෙන ලස්සනක් අරලිය ගහ යට තිබුනේ ඇරත් තමරු අරලිය මල් වලට හරිම ආස වග ධාරක හොඳටම දන්නවා. දෙන්නත් එක්කම අරලිය ගහ යටට අැවිදගෙන ගියා තමරු වැටිලා තිබුන අරලිය මලක් ඇහින්දා.
" අනේ අයියේ මේ බලන්න හරි ලස්සනයි නේද "
" හ්ම් හැබැයි මගේ නෙලුම් මල තරම් නම් ලස්සන නෑ"
තමරුගේ මූනේ ලස්සන හිනාවක් ඇඳුනා. දෙන්නත් එක්කම අරලිය ගහ යට බංකුවෙන් ඉඳගෙන ඈත පේන මාලිගාවත් බොගම්බර වැවත් දිහා බලාගෙන හිටියා. ඉර බැහැගෙන යන හවසක කවදත් නුවර හරි ලස්සනයි. තේවා හඩත් ඇහෙනවා.
VOCÊ ESTÁ LENDO
සන්තාන- SANTHANA - සිංහල BL - University Love පේරා
RomanceNon fiction BL මහා මේඝයක් සෙනෙහසින් නිවාලු උඹමයි හදවතම දවා හලු කල නිවා සැනසුවද මගේ සෙනෙහස් නිම්නය උඹ දන්නවද මම උඹට හරි අදරෙයි මැණික වචනෙන් නොකිවට උඹ තමයි මම නිවුනු එකම තැන