11

70 8 0
                                    

ඊයෙත් උදේ ඉඳන් හිටියේ නැති නිසා වැඩ ගොඩයි. මම දකිද්දි ලොකා උගේ කියවිල්ල පටන්ගත්තා..

" මොකද හු$#තෝ ඊයේ අතුරුදහන් උනේ මම උඹව හෙව්වා පන යන්න. තෝ මාලීගාවේ ගිහින් පිස්සුද බං මෙච්චර වැඩ තියෙද්දි. rag එකක් ගන්න බැලුවා උඹ නෑ letter එක හැදුවද????"

" හැදුවා හැදුවා හිටපන් දෙන්නම්"

"අද හවස lectures එනවනේ ඊයෙත් දෙකටම ආවේ නෑ බලපන් උඹ මොකාටද එන්නේ බං "

" මම ගෙදර ගියා බන් කාලෙකින් නොගිය නිසා"

"වරෙන් යන්න තෝ බලෙන් හරි lectures එක්ක යන්න වෙනවා ටැබා. උඹ උඹ මේ පාරත් බැජ් ටොප් නොවුනොත් ඉඳලා වැඩක් නෑ ආදර්ශමත් අයියන්ඩියා කැලේ"

" තොපිට පම්පොරි ගහන්න නෙවේ යකෝ මම මට ඕනේ නිසා ඉගනගන්නේ රෙද්ද යමන් "

උදේ lectures ඉවර වෙලා මම නිම්නට call කරා

"හෙලෝ අයියේ"

"සුදු කෑවද මැණික"

" ඔව් අයියේ "

" මම හවස ඇවිත් යන්න එන්නම්"

" අයියේ අද හවස 'පහන් තරුව 'practice තියනවා කියලා අයියලා මට ගිටාර් එකත් අරන් එන්න කිව්වා practice වෙන්න"

"නිම්න යන්න එකත් හොඳයි. මම ජිම් එකට එන්නම් හවස් වෙන්න."

"අයියා එන්න ඕනේ නෑ මම අපේ අයත් එක්ක යන්නම්"

"දැන් ඇයි මට එන්න එපා කියන්නේ අකමැතිද මම එනවට"

" නෑ අයියට හරි නෑනේ ඒකයි "

" මට හරියනවද නැද්ද මම තීරණය කරලා ඉවරයි සුදු මම ඔයාගේ තීරණයත් දැනගන ඉවරයි. "

" ඒත් අයියා මම වගේ නෙවේ නේ අයියේ"

" අනේ මගේ කුනුහරප අහගන්නැතුව ඉඳපන් දැනට ඔව්න් දන්නේ උඹ මගේ මල්ලි කියලා. ඕන්නම් උඹ මගේ වාහෙ කියන්නත් මට බැරි කමක් නෑ උන්ට. ඒ නිසා නටන් නැතුව හිටපං"

" එන්න ඉතින් මට මොකද???"

"තොට මොකද කියලා පෙන්නන්නම් මම හිටපංකෝ "

" මම තියන්නද අයියේ හවස එනවා නේද???

" දැන් එපා කිව්වා නේ එන්නේ නෑ මම තිබ්බා බුදු සරණයි"

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාTempat cerita menjadi hidup. Temukan sekarang