34

19 4 2
                                    

මේඝ 👇
convocation එකෙන් පස්සේ ගෙවුන මාස ගනනක් ඇතුලත සිද්ද උනු දේවල් තවටත් මට විශ්වාස කරන්න බෑ

නිම්න හම්බෙන්න යන්න ඔනේ උනත් එයා මගරියද අවිවේකිද කියන්න දන්නේත් නෑ කොහොමත් එයා ආයම හම්බ උනේම නෑ ඇරත් නිම්න උනත් පුදුම තරම් වැඩත් එක්ක හිරවෙලා හිටියේ අඩුම phone call එකකටවත් කතා කරන්න වෙලාවක් නොතිබුන තරම්. එයට මේ අවුරුද්ද hospital එකේ appointments තිබුන නිසා හුස්මක් ගන්නවත් වෙලාවක් නොවුන තරම් මම උනත් වැඩිය කරදර කරන්න නොගියෙත් ඒකයි. ඇරත් අපි දෙන්නා අතර සහෝදරකමට එහා දෙයක් තවටත් කැම්පස් එකේ කවුරුත් දැනන් හිටියේ නෑ. මම පනාට call කරේ දැන් SITAM එකේ වැඩේ විස්තර අහන්න.

" Hello මචන් මම ටැබා "

" අහ් කියපන් බන් උඹලනම් දැන් නිදහස් නේ "

" මගුල තමා බන් Job එකත් ලබන සතියේ පටන් ගන්නේ"

" අඩෝ සිරාවට, ඒක නොවේ උඹ මොකෝ ගත්තේ මල්ලි ගැන අහන්නද??? "

" ඔව් බන් ඒකටයි ඊටත් වඩා SITAM වැඩේ මොකෝ බලන්නයි."

" SITAM වැඩේ නම් නැගලා යනවා බන් අපි ටිකක් අතගහනවා අඩුයි දැන්. වෙලාවත් නෑ නේ බන් "

" උදවුවක් ඔනේ නම් කියපන් "

" හරි බන් අපි උඹ ගැන දන්නවා නේ. ඒක නෙවේ බන් මම උඹට කියන්දෝ නොකියන්ද කියලා හිතුවේ ඒත් උඹ අවුල් ගන්නේ නෑත්තම් කියන්නම්. "

" මොකද්ද බන් "

" උඹට මතකද අපේ එකේ හිටිය පුරන් "

" මතකයි බන් ඇයි මොකෝ"

" ඒකයි උඹලගේ මල්ලි set වෙලා බන් "

" ඒ කිව්වේ "

" උන් දෙන්නා යාළුවෙලා කියලා අපේ faculty එකේ කතාවක් යනවා "

" කෝ මේ අපේ සුදු "

" සුදුද කලුද මන්දා බන් කලයි පුරනුයි "

මට ඉහේ ඉඳන් දෙපතුලටම හෙනයක් වැදුනා වගෙයි දැනුනේ ඒත් මට ඒක විශ්වාස නම් නෑ කියලමයි හිත කිව්වේ.

" වෙන්න බෑ බන් නිම්න එහෙම නෑ "

" අපිත් හිතුවේ නෑ බන් පුරන් කොහොමත් නිම්නට කැමැත්තෙන් හිටියේ ඒත් කලා නම් එහෙම පෙනුනේ නෑ ඒත් ලඟකදි ඉඳලා උන් දෙන්නා එකටමයි."

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාحيث تعيش القصص. اكتشف الآن