පහන් තරුව පටන් ගන්නවා එක්කම call එකක්.
"හෙලෝ අප්පච්චි"
"අහ් චූටි බබා මේ මට invitation එකක් ඇවිත් තියනවා අද medical faculty එකෙන්"
" අහ් ඔව් අප්පච්චි අද පහන් තරුව තියනවා"
" ඔයත් යනවද බබා "
"මම එතන ඉන්නේ අප්පච්චි "
"අහ්"
" අද නිම්නත් preform කරනවා "
"අහ් මේ අපේ සුදු පුතා "
මට වචන පිට උනෙත් නෑ !! අපේ සුදු පුතා !! කියලා අප්පච්චි අහද්දි
" හ්ම් ඔව් අප්පච්චි "
" මම නෑවිත් ඉන්න හිටියේ කොල්ලත් preform කරනවා නම් මමත් එන්නම්. මම තවම නම් hospital එකේ."
"හරි අප්පච්චි ඇවිත් කියන්න එහෙනම්."
අප්පච්චි ආවා එත් එයා ඉස්සරහ ඉඳගත්තා. මම මට නිම්න පේන මානෙන් හිටන් හිටියේ.
ඉවර උන ගමන් නිම්න මම බලන් ඉද්දිම මටත් හිනා වෙලා අප්පච්චි ලඟට ගියා.
" අප්පච්චි මම දැක්කා එනවා උඩදිම"
" මම සුදු පුතත් ඉන්න වගක් දන්නේ නෑ නේ. මේ අපේ බබා කියද්දි දන්නේ මම නෑවිත් ඉන්න හිතාගන හිටියේ. එ්ත් ඔයා ඉන්න නිසා ආවා."
" අනේ thank you අප්පච්චි "
" සුදු පුතා දක්ෂයි නේ ගොඩක් "
" ......... "
" අපේ බබා දැක්කද සුදු පුතා "
" අර හරියේ හිටියා අප්පච්චි "
" පුතා අද අපේ ගෙදර යන්න එනවද???. යමු අම්මත් කිව්වා මාසෙකින් විතර දැක්කෙත් නෑ කියලා. "
"අයියත් යනවද අප්පච්චි"
" මම නම් ඇහැවේ නෑ දරුවෝ අහලා බලන්න එයා නාවත් ඔයා යමු."
" හරි අප්පච්චි "
නිම්න මගේ පැත්තට දුවගන වගේ ආවේ. මම එක්ක පැතුම් පනා එගේම ලොකත් හිටියා.
" අයියේ අප්පච්චි ගෙදර යන්න එනවද අහන්න කිව්වා."
පැතුම්වත් පනා වත් ඒක වැඩිය ගනන් නොගත්තට ලොකානම් බලන් හිටියේ යකෙක් දැක්ක ගානට.
STAI LEGGENDO
සන්තාන- SANTHANA - සිංහල BL - University Love පේරා
Storie d'amoreNon fiction BL මහා මේඝයක් සෙනෙහසින් නිවාලු උඹමයි හදවතම දවා හලු කල නිවා සැනසුවද මගේ සෙනෙහස් නිම්නය උඹ දන්නවද මම උඹට හරි අදරෙයි මැණික වචනෙන් නොකිවට උඹ තමයි මම නිවුනු එකම තැන