දහඅටවැනි කොටස 🌸

529 98 21
                                    



මන් phone එක ඇද උඩට විසි කරල ටික වෙලාවක් ඌ දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මගෙ හිතට ආපු හැම හැගීමක්ම මම පාලනය කරගත්තෙ ලේසියකින් නෙමේ...මන් ලොකු හුස්මක් ඉහළට අරගෙන කාඹරෙන් එළියට යන්ඩ දොර ගාවට ආවා.

" අයේශ් අයියා කොහෙද යන්නෙ?"

" උඹ ඔය phone එක පැත්තකින් තියල පාඩම් කරපන්..නැත්තන් බුදියගනින්"

මන් උගෙ ප්‍රශ්නෙට උත්තර නොදී එහෙම කියල කාඹරෙන් එළියට ආවා. ඒ උට තව බලාපොරොත්තු දෙන්ඩ බැරි හින්දා. මන් කාඹරේ දොර වහල එතනම හිටගෙන කල්පනා කලා. ආරෝන්.....උඹට මොකද උණේ?...

මන් ආයෙ ඇදට ගිහින් ඇස් දෙක පියාගන්ඩ උත්සහ කලා.  ඒත් දෙයියන්ට පින් සිද්ද වෙන්ඩ නින්දක් අහලකටවත් ආවෙ නෑ. මට හීනෙන් දැක්ක එක මතක් උණා . ඒ ගහ.ඒ වෙල..එදා අපි ගිය දිහා තිබ්බෙ....මන් එහෙ යන්ඩෝනෙ..ගිහින් බලන්ඩෝනෙ...මගෙ හිත ඇතුලෙ ඒක නලියෑවා. සමහර විට..සමහර විට මොනවමහරි මතක් වෙන්ඩ පුළුවන් කියල මට හිතුණා. ඒත් එතකොට මගෙ මූණට අත තිබ්බෙ කවුද? මට ඒක ඇත්තටම දැවුනා...මගෙ අත ඉබේම මගෙ මූණට ගියා. මගෙ අත රස්නෙයි..ඒත් ඒ අත් හීතලයි...පුදුම තරම් හීතලයි....මන් සිවිලිම දිහා බලාගෙන ඒ ඔක්කොම එක පෝළිමට මතක් කළා. අන්තිමට මන් තීරණය කලේ එතෙන්ට ආයෙම යන්ඩ ඕනෙ කියල..professor කිව්ව වගේ පුංචි දේවල් හඹා යන්ඩ.. ඒ දේවල් ඔස්සේ මතකය හොයන්ඩ...

ලාවට එළිය වැටෙනවත් එක්කම ඇදට වෙලා ඉන්ඩ තිබ්බු කම්මැලි කම හින්දා මම කමිසෙ button ටික දාගෙන පල්ලෙහාට ගියා. මන් යද්දි සුමනෙ ඇහැරිලා කුස්සියේ උයනවා.

" good morning මාමෙ"

මම කුස්සියට එන ගමන් ටිකක් සද්දෙන් කිව්වා. සුමනෙ පොල් බෑය පැත්තකින් තියල මගෙ දිහා බලල හිනා උණා.

" good morning මහත්තයො.... මොකෑ මේ උදේම ඇහැරිලා?"

" නින්ද ගියෙ නෑ ..ඇදට වෙලා ඉන්ඩත් කම්මැලි හින්දා ආවා.මාමට උදව්වක් එහෙම ඕනෙද?"

" පිස්සුද මහත්තයොමොන උදව් ද?"

" නෑ කම්මැලි හින්දා ඇහුවෙ "

මන් හිනාවෙලා කුස්සියේ එහායින් තිබ්බු පුටුවෙන් වාඩි වෙලා කකුල් දෙකත් උඩට ගත්තා.

ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]Where stories live. Discover now