" මේ වැඩේ ගැස්සෙයිද බන්.. අනික මට ඔය විකාර කරල පුරුදුත් නෑ බන්"මන් කටින් කටට එකම දේ කියවද්දි රවීන් කාර් එක නතර කරල මගෙ ඔළුවට පාරක් ගැහුවා.
" තොට මේක හොයාගන්ඩ ඕනෙද නැද්ද..."
" ඕනෙ..."
" මන් කියන්නං.... මෙන්න මේක බීපන් එතකොට අමුතුවෙන් වෙරි වෙන්ඩ දෙයක් නෑනෙ..මගුල"
" සිරාවටමද කියන්නෙ?"
" පිස්සුද බන්..මන් කියන දේ අහපන්... උඹ හොදටම වෙරි වගේ රගපාපන් ඕනෙ එකක් කියපන්.ඊටපස්සෙ උන් උඹව එළියට දාන්නෑනෙ එච්චර හිතක් පපුවක් නැති එකෙක් නෙමේනෙ.ඒ හින්දා උඹව ඇතුළට ගනී..ඊටපස්සෙ රෑ උඹ ශේප් එකේ අර කවුද එකාගෙන් විස්තරේ අහල කොල්ලවත් ශේප් කරල පහුවදා සොරි කියල වරෙන් එච්චරයි"
" ඒක එච්චර සරල දෙයක් නෙමේනෙ බන්.."
" අනේ බන් අපි යන් බන් මෙන්න මේකත් බීලා අර කාඹරේට වෙලා බුදියගමු"
" නෑ නෑ නෑ යමන් යමන්... යමන්කො.."
මන් කාරෙක පිටිපස්සෙ තිබ්බු අරක්කු බෝතලේ අරන් උගුරක් කටට දාගෙන වැඩේට ලෑස්ති උණා. ගුටිකාල එන්ඩ හරි මන් එතෙන්ට යනව කියල හිතාගෙන හිටියෙ.
රවීනයා මන් දිහා බලල හිනාවෙවී කාර් එක ආයෙ start කළා.. ඌ ගෙදර ඉස්සරහින් කාර් එක නැවැත්තුවට පස්සෙ මන් පොඩ්ඩක් ඔළුව දාල බැලුවෙ බාප්පා එහෙම ඉන්නවද කියල. මොකෙක්වත් පේන්ඩ හිටියෙ නෑ. ඒ මදිවට ගේට්ටුවත් වහල දාල තිබ්බෙ. මන් මූණත් පිහදාන් ඇදුමත් අවුල් කරගෙන රවීන් දිහා බැලුවා. ඌ ඔළුවත් වනල කාර් එකේ දොර ඇරගෙන එළියට ගියා. මන් කාරෙක ඇතුලට වෙලා හිටියෙ... ඌ උගුරත් පාදන් ගිහින් ගේට්ටුවට තට්ටු කළා.
" මේ අකේශ ලගෙ ගෙදර ද?"
ඌ දොරට ගහ ගහ කෑ ගැහුවා..මන් කාරෙකේ සීට් එකට හේත්තු වෙලා හිටියෙ. ටිහිකින් ගේට්ටුව ඇරගෙන සුමනෙ එළියට ආවා. මන් ඔළුව උස්ස උස්ස බැලුවෙ සිදත් අයියා එළියට එයි කියල. කෝකටත් කියල මන් කන් දීගෙන හිටියෙ.
" මේ ගෙදර අකේශගෙ ගෙදර ද? "
රවීන් ඇහුවෙ පුදුමවැදගත් විදියට. මට උගෙ රගපෑම ගැන පුදුමත් හිතුණා. සුමනෙ එක්ක ටිකක්කතා කර කර ඉද්දි සිදත් අයියත් ගේට්ටුවෙන් එළියට ආවා කමිසයක්වත් නැතුව කොටු කොටු කලිසමක් විතරක් ඇදන්. ඌ රවීන් එක්කකතා කරන ගමන්ම කාර් එක දිහා බැලුවා. මන් එකපාරම සීට් එකට හේත්තු වෙලා ඇස් දෙකපියාගත්තා.
ESTÁS LEYENDO
ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]
No Ficciónයකෝ ඒ මගෙ නන්ගි උන් මැරුවෙ මගෙ නන්ගිව... මන් කොහොමද කට පු*ක වහන් බලන් ඉන්නෙ ... ඔව් මන් උන්ව මැරුවා.... මන් උන්ට කැත්තෙන්ම කෙටුවා. අහවල් එකටම කෙරුවා.උන් දැන් කටුගස් නහිනවා ඇති.. කාළකන්නි බල්ලො...