විසිහතරවැනි කොටස 🌸

742 139 15
                                    


" එල්ලුම් ගස් යන්ඩ තරම් වැරැද්දක් නෙමේ අයියෙ ආදරේ කරනවා කියන්නෙ"

සුදුමැණිකෙ මගෙ මූණ අතගාල නළල ඉම්බා. ඊටපස්සෙ මේසෙ උඩ තිබ්බු කෑම එකත් අතට අරන් එකින් එක කටවල් මට කැවුවා.

" අයියෙ....අයියා හෙට office එක පැත්තෙ යන්ඩ...තව නුවර වැඩෙත් අතාරින්ඩ එපා...මතකද ඉස්සර අම්මා තාත්තට හැමදාම කියන දේ..පෞද්ගලික ප්‍රශ්නයි ..... රස්සාවෙ දේවලුයි පටලගන්ඩ එපා කියල"

සුදුමැනිකෙ අන්තිම කටත් කවන ගමන් කිව්වා.මන් හිනාවෙලා ඒකිගෙ කම්මුල මිරිකුවෙ වයසට වඩා පැහිච්ච කතා කියන හින්දා. ඒත් ඒ වෙලාවෙ ඒකි හරි.

" අයියා එහෙනං ටිකක් මෙහෙම ඉදල එන්ඩ මන් වතුර එකක් අරන් එන්නං"

සුදුමැණිකෙ හිනාවෙලා කෑම පිගානත් අරන් නැගිටල ගෙට ගියා. මන් උන්නු තැනම ඉදන් කල්පනා කළා. ඒ අකේශ ගැන....ඌ සුදුමැණිකෙට කතා කරන්ඩ ඇත්තෙ වෙන කරන්ඩම දෙයක් නැති තැන වෙන්ඩැති. ඒත් මේ වෙලාවෙ මට හිත හයිය කරන් ඉන්නව ඇරෙන්ඩ වෙන කරන්ඩ දෙයක් තිබ්බෙම නෑ.මම මොකුත් අමතක කළේ නෑ. මට පොඩි විවේකයක් ඕනෙ විතරයි. මන් වැලමිට මේසෙ උඩින් තියාගෙන මූණට මුක්කුවක් ගහන් ඒ ගැන හිත හිත හිටියෙ. සුදුමැණිකෙ මගෙ ලගට එනකල් මට ගාණක් නෑ. ඒකි මගෙ පිටට අත තිබ්බම මන් ගැස්සිලා ගියා. මන් බය උණේ නැති ගානට ඒකි දිහා බලන් හිනා උණා.

" අයියෙ වතුර එක...."

මන් ඔළුව වනල වතුර වීදුරුව එක උගුරට බිව්වා.

" උඹ දැන් ඇතුළට පලයන්..මන් ටිහිකින් එන්නං" 

මන් හිස් වීදුරුව ඒකිට දික් කරාම ඒකි ඒකත් අරන් ආයෙ ගේ ඇතුළට ගියා.  ඒකි ගිය සැනින් මන් ආයෙමත් මේසෙ උඩ තිබ්බු ඩයරිය දිගෑරගත්තා.

ටිකෙන් ටික රාත්‍රියේ හීතලයි කළුවරයි මාව වහගද්දි හදත් නැති අහස පාළුවෙන් උන්නෙ. මන් ඒ අහස දිහා බලන් හීල්ලුවෙ අහසෙ හද නැති හින්දම නෙමේ. මගෙ ලග උඹ නැති හින්දා.

කළු වළාකුළු වලින් අහස පිරිලා යද්දි මගෙ හිතත් අකේශට උඩින් ආරෝන් කියන වළාකුළ ඇවිත් පාත් උණා. ඒ වළාකුළු මැද්දෙන් හෙන ගහන්නා වගේ සුදුමැණිකෙගෙ මතක මගෙ හිත කීරිගැස්සුවා.

ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ