හතලිස් වන කොටස

622 103 34
                                    


මන්‍ රවීන් එක්ක කාඹරේ ඇතුළට යද්දි සුදුමැණිකෙ ඇද උඩ වාඩි වෙලා ඔළුවට අත තියාගෙන උන්නා. මන් දොර ගාව නැවතිලා ටික වෙලාවක් ඒකි දිහා බලා ඉදල දොරට පොඩි තට්ටුවක් දැම්මා. රවීනුත් මගෙ පිටිපස්සෙන් උන්නා. සුදුමැණිකෙ ගැස්සිලා වගේ එකපාරම හැරිල බලද්දි ඒකිගෙ ඇස් නතර උණේ රවීන් ගාව. ඌව දැක්කම ඒකිගෙ ඇස් ලොකුවෙනව මන් බලාන. තරහක් නොතිබුණාම නෙමේ. ඒත් ඒක ඒතරහ පිට කරන්ඩ හොද වෙලාවක් නෙමේ හින්දා මන් ඇද කෙලවරෙන් වාඩි වෙලා ඒකිගෙ ඔළුව අතගෑවා.

" උඹට දැන් හොදයිද?"

" මගෙ ඔළුව රිදෙනවා...මොනව උනාද මතක නෑ.."

සුදුමැණිකෙ අපි දෙන්නගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බල බල කතා කළේ.

" ප්‍රශ්නයක් නෑ දැන් උඹ හොදින්නෙ......"

මන් මගෙ කබඩ් එක ඇරල මගෙ කමිසයක් ඒකිගෙ ඇගට විසි කළා. ඒ ඒකි ඇදන් උන්නෙ නයිටිය හන්දා.. සුදුමැණිකෙ ලැජ්ජාවෙන් වගේ කමිසෙ ඇගට තුරුල් කරගද්දිමන් දැක්කා රවීනයා එළියට ඇවිදන් ගියා.සුදුමැණිකෙ හොරෙන් වගේ මගෙදිහා බැලුවා. මන් යන්ඩ යද්දි ඒකි මගෙ අතින් අල්ලල මාව නවත්තගත්තා.

" අරයා ඇයි මෙහෙ?"

" ඇයි ඔයා දන්න කෙනෙක්ද?"

" නෑ මන් දන්නෑ..."

" අනේ පලයන් නිකන් බොරු නොකියා.මන් ඔක්කොම දන්නවා. මන් උඹව පස්සෙ අල්ලගන්නං. දැන් ඕක ඇදන් වරෙන්කො කන්ඩ.."

මන් සුදුමැණිකෙගෙ නලලට ඇගිල්ලෙන් ගහල දොරත් වහගෙන කාඹරෙන් එළියට ආවා.

" ආශිට දැන් නම් හොදයි වගේ..."

" පිරිත් නූල නිසා... ඒක හෙට දවල් වරුවෙන් ඉවරයි.. අපි ඊට කලින් නුවර යන්ඩෝනෙ.."

" ආශිට කිව්වද නුවර යනවා කියල..."

" නෑ කන්ඩ ආවම කියමු..."

මන් ඉස්සර වෙලා යද්දි රවීනයා නතර උණා. මන් බලද්දි ඌ කාඹරෙදිහා බලන් ඉදල ආයෙම එන්ඩ ආවා. මට ඌ ගැන අවිශ්වාසයක් තිබ්බෙනෑ. මගෙ නන්ගි ගැන බයක් විතරයි තිබුණෙ. ඒ වගේම මට ඌව දකිද්දි එක අතකට මාවම දැක්කා.

අපි දෙන්නා කෑම ටික ලෑස්ති කරල සුදුමැණිකෙ ආවම එ ටිකත් කාල නිදාගන්ඩ ගියෙ සාලෙ පිරිත් සද්දෙට දාල. සුදුමැණිකෙ ඒකිගෙ කාඹරේට ගියා. මාත් රවීනයා එක්ක මගෙ කාඹරේට ආවා. ගමන ගැනකිව්වම නම් සුදුමැණිකෙ ටිකක් පුදුම උණා. හැබැයි කැමති උණා. කලින් පාර අකේශ ආව වෙලේ දෙන්න සෙට් උණානෙ. ඒ හින්දා අකේශයා ව බලන්ඩ ඕනෙ කිය කියමයි උන්නෙ. මන් නිදාගන්ඩ කලින් අම්මටත් කෝල් කරල විස්තරේ කිව්වා. අම්මත් ගෙදර නැති හින්දා අම්මගෙත් අකමැත්තක් තිබ්බෙ නෑ. අනිත් එක අම්ම දන්නවා සුදුමැණිකෙ මා එක්ක ඉන්නව කියන්නෙ ඒකි පරිස්සම් කියල. ඒ නිසා මට ඒකිව ඕනෙ තූත්තුකුඩියක එක්කන් යන්ඩ පුළුවන් . ඒ හින්දමයි මන් බය. ඒකිට කිසිම කරදරයක් වෙන්ඩ දෙන්ඩ බෑ.

ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]Where stories live. Discover now