තිස්හතර වන කොටස 🌸

424 94 37
                                    

" අපි මේක දැන් නවත්තන්ඩ ඕනෙ සුදූ...."

මන් අකේශයගෙ සිනිදු පිට දිගේ එක අතක් යවල අනිත් අතේ ඇගිලි උගෙ කලිසමෙන් යන්තමට ඇතුළට දාගත්තා.

" මටත් නවත්තන්ඩ ඕනෙ"

ඌ මගෙ තොල් උඩ තියාගෙනම කිව්වෙ උගෙ ඇගිලි වලින් මගෙ කොන්ඩෙ තද කරල අල්ලගෙන මගෙ මූණ උට තද කරගෙනමයි.
මන් දන්නවා උට ඒක කරන්ඩ බෑ කියල. ඒ හින්දම මන් උගෙ මූණ තද කරල අල්ලගෙන එකපාරක් තදින් උගෙ තොල් දෙකේ මගෙ දිව තෙරපල උගෙන් ඈත් වෙලා කාරෙකෙන් එළියට ගියා. ඌ හිටියෙ කාරෙක ඇතුළෙ. මන් විනාඩි පහක් විතර එළියෙ ඇවිද ඇවිද ඉදල ඉස්සරහින් කාරෙකට ගොඩ උනා.ඌ හිටියෙ අත් දෙකෙන් මූණ වහගෙන පහළට පහත් වෙලා. ලැජ්ජාවට වෙන්ඩැති.මන් කාරෙක ස්ටාර් කරල නුවර පැත්තට ආවා. ඒ ගමන්ම රවීන්ටත් කෝල් එකක් ගත්තා.

" හෙලෝ මචන් උඹ කොහෙද?"

" මන් මේ පාර අයිනෙමයි ඉන්නෙ ඉදහන් location දාන්නං"

" හා හා "

මන් කෝල් එක කට් කරල phone එක අකේශයගෙ අතට දුන්නා.

" සුදූ...අරූ location එවයි මට පොඩ්ඩක් බලල කියනවද? "

" කොහෙන්ද ඔය සුදූ කියල වචනයක් අහු උණේ?"

" හරි හරි ඕක බලල කියන්ඩකො... මුන්ට යකෝ හොදින් හිටියත් වැරදිනෙ.."

මන් කණ්නාඩියෙන් බලාගෙන කිව්වෙ හිනාවෙවී. අකේශයා යටි තොල පෙරගෙන phone එක එබුවා.මට හිනා.

" ආ එයා ඉස්සරහ ඉන්නෙ.."

" ඉස්සරහ කිව්වෙ.."

" ම්ම්ම්ම්ම්ම් වම් පැත්තෙ"

" වම් පැත්තෙ?"

" ඕ යන්කො....පාරක් තියේ ඒකෙ ...එතකොට හැරෙන්න ඕනෙනෙ"

" හැරෙන්ඩ?"

" ඕ"

" දැන්?"

" තව ඉස්සරහ...ආ ලගයි ලගයි දැන්ලගයි පාරක් ලග ඉන්නෙ..."

" ම්ම්ම්ම්ම් හරි හරි .... දැන්?"

" ආ මේ අනේ පහු වෙලා අයියෝ හරවන්ඩ පහු උණා අනේ"

අකේශයා පිටිපස්සෙ ඉදන් කෑ ගැහුවා.මුන්ට යකෝ map එක බලාගෙන පාර කියන්ඩ බෑනෙ හරියට..මන් කාරෙක පාර අයිනට කරල අකේශය අතේ තිබ්බු phone එක උදුරලා ගත්තා.

ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]Donde viven las historias. Descúbrelo ahora