රෑ හීතල මැකිලා ජනෙල් වලින් ආව ඉර එළියෙන් මාව රත් වෙලා ගියා. මන් හෙමින් සැරේ ඇස් ඇරල බලද්දි අකේශ එහාපැත්ත හැරිල බුදි. ඒත් එක්කම පල්ලෙහා දාල තිබ්බු සින්දුවක් ජනෙල් දිගේ මග කන් වලට ඇදිලා ආවා.වරල සිකිපිළ සෙමෙර සලමින්
නයන නිළුපුල් සුවද ඉසිමින්
උරමඩල සියපත් වතින් නිති සරසා
ප්‍රියයාණ හදවත තුනු සිරින් සදනූ......මට ඒ වචන ඇහෙද්දි ඉබේම වගේ අකේශ දිහා බැලුණා. මන් ඌව හයියෙන් තුරුල් කරගත්තම ඌ ඇස් හීනි කරන් මගෙ දිහා බැලුවෙ..ඌ තව නිදිමතේ..මන් කටකොනින් හිනාවෙලා උගෙ නළලට හාද්දක් දුන්නා...
" අකේශ.......බඩ්ඩක් කියන්ඩද?"
මන් උගෙ ඇගිලි මගෙ ඇගිලි අස්සෙ රන්දගෙන උගෙ මූණට ලන් උණා
" මොකද්ද?"
" මධු චන්ද්‍රයා මේ මෝදුවේ උන්මාදනීය...රාත්‍රියේ"
මන් අකේශගෙ බෙල්ලට තොල් දෙක හෙමින් සැරේ මිමිනුවා. ඌ හිනාඋණා..
" අනංග දෙවොලේ........දල්වා දීපාවලී....."
මන් උගෙ පපුවෙන් මන් තුල් දෙක තියල ඌඹ ඉම්බෙ හෙමින් සැරේ වචන මතුර මතුර....... අකේශ මගෙ උරහිසින් අල්ලල මාව උඩට ඇදල ගත්තා...
" මධු චන්ද්‍ර යාමේ මෝදුවේ...."
ඌ උගෙ හීන් ඇගිලි වලින් මගෙ තොල් අතගගා හිනාවෙවී කිව්වා...මන් හිනාවෙලා උගෙ අත ඉඹල උගෙ තොල් වලට පාත් උණා.....
" මල්ලි මේ අද......"
මගෙ වේගෙන් ගැහුණ පපුව එකපාරම නතර උණා...මන් උගෙ ඇගෙන් අත් දෙක අරන් ටිකක් එහාට උණේ හිතපු නැති විදියට සිදත් අයියා කාඹරේට කඩාවැදුන හින්දා. මන් උගෙන් ඈත් උණා...මට මොකද්ද කරන්ඩ ඕනෙ කියල තේරුන්නෑ.මට අකේශ දිහා බලන්ඩ අමතක උණා. මන් කෙලින්ම බලන් හිටියෙ සිදත් අයියා දිහා..අයියගෙ ඇස් රතු වෙලා ගියා..ඌ මායි අකේශයයි දෙන්නම දිහා මාරුවෙන් මාරුවට බල බල කාඹරේ ඇතුළට ඇවිදගෙන ආවා..මන් යටි තොල හපාගෙන ඇදෙන් බැස්සෙ ඇදේ තිබ්බු එක bed sheet එකක් මගෙ නිරුවත් ඉන වටේ ඔතාගන්න ගමන්...අකේශ හිටියෙ ඇදේමයි...සිදත් අයියා ටික ටික මගෙ ලගට ඇවිදගෙන ආවෙ එක වචනයක්වත් කතා නොකර...
YOU ARE READING
ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]
Non-Fictionයකෝ ඒ මගෙ නන්ගි උන් මැරුවෙ මගෙ නන්ගිව... මන් කොහොමද කට පු*ක වහන් බලන් ඉන්නෙ ... ඔව් මන් උන්ව මැරුවා.... මන් උන්ට කැත්තෙන්ම කෙටුවා. අහවල් එකටම කෙරුවා.උන් දැන් කටුගස් නහිනවා ඇති.. කාළකන්නි බල්ලො...