හයවෙනි කොටස 🌸

740 131 18
                                    


උඩහ කන්ද දිගේ හෙමින් සැරේ පල්ලෙහාට ගිය ගංගාවෙ සද්දෙත් එක්ක කන් වලට ඇහුණ බටනලා සද්දෙං මට සුදු මැණිකෙ ඉන්න දිහාව හොයාගන්ඩ පුලුවන් උනා. ඒත් තක්කෙටම කියන්ඩ අමාරුයි . හුලං සද්දෙත් එක්ක බටනලා සද්දෙත් එහෙ මෙහෙ යනවා. මන් ගග මැද්දෙ තිබ්බු මහා කළු ගල උඩට නැග්ගා. තව ඩිංගෙන් මගෙ කකුල සරමෙ පැටලිලා මන් වතුරටත් වැටෙනවා. ඒත් මගෙ හැකියාවෙන් මන් බේරුණා. ගලට අත් දෙකම තියල වාරු අරන් මන් ගල උඩ හිටගත්තා. ඒක උඩට නැග්ගම පඩිපේලි වගේ විහිදිලා තිබ්බු වෙල්යායයි. ඈතට ගලාගෙන යන ගගයි හොදටම පෙවුනා. ඉරෙන් බේරෙන්ඩ ඕනෙ හින්ද මන් අත නලලෙ තියාගෙන ඈත බැලුවා. සුදු මැණිකෙ පේන්ඩ නෑ.

" සුදු මැණිකේ...."

මන් මහා හයියෙන් කෑ ගැහුවා. මගෙ සද්දෙ දෝංකාර දෙනවා මට ඇහුනා.ඒත් සුදු මැණිකෙ පේන්ඩ නෑ.බටනලා සද්දෙ නම් දිගටම ඇහුණා.

" සුදු මැණිකේ....."

මන් ආයෙමත් කෑ ගහද්දි සුදු මැණිකෙගෙ බටනලා සද්දෙ නතර උණා. එතකොටයි මට පෙවුනෙ වෙල අයිනෙ තිබ්බ අඹ ගහ ගාව ඒකි ඉදන් හිටපු හැටි. ඒකි දැක්කම මගෙ මූණට හිනා ආවා. මන් එකපාරම ගලෙන් බිමට පැනල වෙල දිහාවට ඇවිදන් ගියා. ගලට නැග්ග වගේ පයින එක අමාරු උනේ නෑ. මන් වෙල දිගේ වේගෙන් වේගෙන් ඇවිදගෙන අඹ ගහ ගාවට ලන් උණා. ඒකි බිම බලාගෙන බටනලාව පිඹින්ඩ පටන් ගත්තා.

" උඹ මොකද මේ පාන්දර කැලේ අස්සෙ රින්ගන්නෙ?"

මන් ඒකිට කෑ ගැහුවා. ඒත් ඒකි මූණ උස්සන්නෙ නැතුවම බිම බලාගෙන හිටියා. ඒකිගෙ කොන්ඩෙත් මූණට වැටිළා. මන් ඉනටත් අත තියන් ඒකි මගෙ මූණ දිහා බලනකල් බලන් හිටියත් ඒකිට ගානක් නෑ. ඒකි ඔහේ බිම් බලන් බටනලා පිඹිනවා

" සුදු මැණිකෙ උඹට මන් අහන දේ ඇහෙන් නැද්ද?"

මන් ආයෙමත් කෑ ගැහුව. ඒ පාර ඒකි බටනලාව පැත්තකින් තියල බිම බලාගෙන අඩන්ඩ ගත්තා.

" සුදුමැණිකෙ ඇයි උඹ මේ අඩන්නෙ"

මන් බිම දණ ගහගෙන ඒකිගෙ නිකටෙන් අල්ලල මූණ ඉස්සුවා. ඒකිගෙ සුදු මූණ සුදු මෑලි වෙලා. මන් බලාගෙන ඉද්දිම ඇකිලිලා ගියා. ඒකිගෙ ඇස් වල ලේ පිරිලා. එව්වා කම්මුල් දිගේ කඩාගෙන වැටෙන්ඩ ගත්තා. වෙලාව අවේලාව වෙලා. හැමදේම කලුවර වෙන්ඩ ගියේ විනාඩියක්ද දෙකක්ද කියන්ඩ මට මතක නෑ. ඒත් ඒ කලුවර මැද්දෙ මන් දැක්කෙ ඇස් වලින් ලේ ගලන සුදු මැලි වෙච්ච ඒකිගෙ වෛරී සහගත මූණ විතරයි. මන් අඩියක් පස්සට තිබ්බා. ඒකි එක දිගටම ඉකි ගහ ගහ මගෙ දිහා බලාගෙන හිටියා. මගෙ ඇස් වලින් කදුලු ගලද්දි ඒ ගානටම ඒකිගෙ ඇස් වලින් ලේ ගැලුවා.

ඉකිගහන මල් 🌸 තීර් 2 🌸♥️ [ COMPLETE ]حيث تعيش القصص. اكتشف الآن