I see the LIGHT 02

47 3 3
                                    

Ice Vein

Grim එක්ක උන කතා බහෙන් පස්සේ මම කාමරයට ගියේ හෙට යන්න බඩු ලෑස්ති කර ගන්න. මොනව උනත් හිතට ආවෙම Shadow Fangව මම කියන්නේ Jadenව.

එයා ගැන කිව්වොත් එයා කවදාවක්වත් ඉස්කෝලෙ ගිහින් නෑලු.මම දැනගත්තෙත් ඊයේ.Shadow Fang කියන්නේ බොස්ට ගොඩක් ළඟින් වැඩ කරන කෙනෙක්‍.මං හිතන්නේ එයාට පවුලේ කවුරුත් නෑ පොඩි කාලේ ඉඳන්ම.මේකයි ඉතින් මටත් නෑ.Grimටත් නෑ.Shadow Fang පොඩි කාලේ ඉඳන්ම බොස් ළඟ වැඩ. එයා මේ වගේ චරිතයක් වෙන එක අහන්න දෙයක් නෙමේ.එයා ඕනේ වෙලාවක ක්ෂණිකව ක්‍රියා කරනවා. තුවක්කුව කියන්නේ එයාට සෙල්ලම් බඩුවක් විතරයි. Shadow Fang කොච්චර නපුරු උනත් අපි දෙන්නා එක්ක ෆිට්.මේකයි ෆිට් කියන්නේ ෆිට්ම නෑ.මුල් දවස් වල නම් අපි තුන් දෙනා වලී.. දැන්නම් අඩුයි. වාසනාවට අපි තුන් දෙනා එක වයසේ.

මම මාෆියා එකට බැදුනේ මීට අවුරුදු දෙකකට කලින්. මගේ හැක් කිරීමේ හැකියාව නිසා මට මෙහෙ හොඳ තැනක් හම්බුනා.මගේ නම Luca Mancini. අපි හැම කෙනෙක්ටම මෙහෙදි නමක් හම්බෙනවා. මගේ මාෆියා නම Ice Vein.ඒක පට්ට නේ...මම පොඩි කාලෙදි මගේ අම්මා අසනීපයක් හැදිලා නැති උනා. එදා ඉඳන් මම හිටියේ තාත්තා එක්ක. කරුමෙට තාත්තගේ කම්පැනියේ හොරකමක් වෙලා තාත්තව ඒකට අහු උනා. ඒකෙන් මේකෙන් තාත්තගේ ජොබ් එක නැති උනා. තාත්තා කරන්න දෙයක් නැති උන තැන බැංකුවක් කඩුවා. පොලීසිය වට කරලා ඉද්දී තාත්තා බයටම තුවක්කුව අතට අරන්.තාත්තා ෂූට් කරන්න යද්දි පොලීසියේ කෙනෙක් තාත්තට වෙඩි තිබ්බා.ඒකෙන් තාත්තා නැති උනා.

එදා ඉඳන් මම තනියම. මම අවුරුදු 15 දී දවසක් තනියෙන් පාලු පාරක අවිදන් යනකොට වෙඩි සද්දයක් ඇහෙන්න ගත්තා.මම පිටි පස්ස නොබලා දුවන්න ගත්තා. මම දුවලා නතර උනේ ඉවර උන බිත්තියක් ඉස්සරහ. වෙඩි සද්දේ වැඩි වෙන්න ගත්තා. ඒත් එක්කම වගේ මගෙ කට වහල බිත්තිය පැත්තට ඇදලා ගත්තා. ''කට වහගෙන ඉන්නවා.'' ඒත් එක්කම අපේ පැත්තට මූණ වහගත්ත,පිහි,කඩු ගත්ත සෙට් එකක් ආවා. මගේ කට වහගෙන හිටපු කෙනා අනිත් අතින් තුවක්කුවක් අරගෙන ආපු සෙට් එකට වෙඩි තියාගෙන වෙඩි තියාගෙන ගියා.ඔක්කොම මැරිලා බිමට වැටුනා.ඒ වෙලාවේ මාව අල්ලන් හිටපු කෙනා මාව අත ඇරියා.

I see the LIGHT(Sinhala)Where stories live. Discover now