I see the LIGHT 16

19 2 3
                                    

Shadow Fang

අද නම් කෑවා වැඩී වගේ.බඩ උස්සගන්නත් බෑ. "මේ දීපිය මගෙ චිකන් කෑල්ල." Rachel කන්න ගියපු මගෙ චිකන් කෑල්ල 99.9යෙන් බේර ගත්තා. "මං යනවා මං පරක්කුයි හොඳටම." මම 4 දෙනාටම බායි කියලා ප්‍රැක්ටිස් යන්න ආවා.අප්පට Kaiව හම්බෙන්න ඕනෙ නේද.මම Kaiව හොයා ගෙන Athletic ප්‍රැක්ටිස් කරන පැත්තට ආවා.ඒත් Kai හිටියෙ නෑ.ඊට ටිකක් එහාට වෙන්න තමා ක්‍රිකට් කෝඩ් එක තියෙන්නේ.මම ඒ පැත්තටත් පොඩ්ඩක් එබිලා බැලුවා අඩුම එහෙවත් ඩයල් එක ඉන්නවද කියලා.වැඩේ කියන්නේ අඩුම අර ගෑනිවත් නෑනේ.

"Kaiවද හොයන්නේ.අන්න අරහෙ එයා ඔයාව හොයනවා." මේකි නම් මැරෙන්නේ නෑ.මතක් කරා විතරයි. Kelly මට වඩා අඟල් 4ක් විතර කොට ඇති.මම Kellyගෙ කොන්ඩෙ අවුස්සන ගමන් "තෑන්ස් බට්ටි නගෝ." Kellyට ඇත්තටම ක්‍රිකට් ටීම් එකේ අය කතා කරන්නේ බට්ටා කියලා.මේකයි එයා තමා ඉන්න කොට සහ පොඩිම කෙනා. Kelly මට රව රව මගෙ අත එයාගෙ කොන්ඩෙන් අයින් කරා. අත්දැකීමෙන් දන්නවා එයාගෙ කොන්ඩේ අල්ලනවට අසා නෑ කියලා. උදේට බෙන්නෙට් මහත්මිය Kellyගෙ කොන්ඩෙට හොඳට තෙල් ගාලා එවන්නේ.සමහර දවස් වලට නම් තෙල් නාගෙන එන්නෙ කිව්වොත් හරි. අපේ Scarlettලට අනුව නම් බෙන්නෙට් මහත්මිය Kellyගෙ ඔළුව උදේට ළිපේ තියෙන තෙල් තාච්චියට ඔබලා එවන්නේ.

මම ඈතින් අපේ පැත්තට එන Kaiව දැකලා අත වැනුවා. Kai අපිව දැකලා හති දාගෙන දුවගෙන ආවා. "මේ cake එකේ වැඩේ හරිද?" Kai ආපු ගමන් හුස්මක් කටක් ගන්නැතුව ඇහුවා.

"එකෙන්ම.Cake එක ගන්න යනවා මං ඉස්කෝලෙ ඇරිච්චි ගමන්ම."

"මමත් එනවා ඔයා එක්ක." Kelly හෙන happy face එකක් මූණට දාගෙන කිව්වා.

"මට තේරෙන්නේ නෑ Jaden එයාට මොනව ගන්නද කියලා.ඔයා මොනවද ගත්තේ." Kai හෙන අවුලෙන් මගෙන් ඇහුවා. "මං ipad එකක් ගත්තේ." මං කිව්ව දේට ඒ දෙන්නා මගෙ දිහා කන්න වගේ බලා ගෙන එක පාරම "ipad එකක්!"

"කොහෙන්ද එච්චර සල්ලි ඔයාට." ඔන්න ආයෙත් Kellyගෙ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් ගත්තා. දැන් මං මේකට face කරන්න ඕනෙද? මම Kellyව මඟ අරින ගමන්. "ඔයා මොකුත් ගත්තෙ නැද්ද තාම?" මම Kai ගෙන් ඇහුවම Kai ඔළුව දෙපැත්තට වැනුවා.මම ටිකක් කල්පනා කරලා. "හරී...අදහසක් ආවා. Lucaයි මායි Anime පිස්සොනේ.අපි එයාට ඒකට මැච් වෙන දේවල් ගමු.මම cake එක හදන්න දුන්නෙත් Itachiගෙ එකක්."

I see the LIGHT(Sinhala)Wo Geschichten leben. Entdecke jetzt