Kelly Bennett
කවුද Kieth කියන්නේ. එයත් මාෆියාකාරයෙක්ද? Lucaගෙ party එක ඉවර වෙලා මම කල්පනා කර කර පාර්ක් එකේ පාළු පැත්තක තියෙන ලස්සන පාළමට ගියේ මාළු, හංසයෝ බලන්න.
"හලෝ Kelly...." හෙන දරුණු කටහඩකින් ඇහුනේ Jadenගෙ කටහඩ.මම ඒත් එක්කම "හායි" කියාගෙන පිටිපස්ස හැරෙද්දි Jaden මගෙ නහයයි,කටයි වැහෙන්න සුදු රෙද්දක් එබුවා.හැමදේට කළුවර වෙලා ගියා.මට හැමදේම බොද වෙලා පේන්න ගත්තා. Jaden මාව කළු කාර් එකක් අස්සට ඇඳගෙන ගියා.ඔව් ඇත්තටම ඇඳගෙන ගියේ බිම දිගේ.මට එහෙමම හැමදේම කළුවර වෙලා ගියා.
"නැඟිටිනවා." Jadenගෙ කටහඩත් එක්ක තදින් වැදුනු කම්මුල් පාරකින් මට යාන්තමට සිහිය ආවා.මට ඒ වෙද්දිත් හැමදේම බොද වෙලා පෙනුනේ. මගෙ ඉස්සරහ Jaden හිටියෙ Shadow Fang විදයට.එතකොට තමා තේරුනේ මාව පුටුවක බැඳලා තියෙන්නේ කියලා. මම දඟලන්න ගත්තා. වට පිටින් ආවෙ අසාමාන්‍ය විදියෙ ලේ ගඳක්.ටිකෙන් ටික බොඳ ගතිය අඩු වෙලා පැහැදිලිව පේන්න ගත්තා.මම මේ කොහෙද ඉන්නේ. ඇයි මාව බැඳලා දාලා. මට කෑ ගහන්න ඕනෙ උනා ඒත් බෑ.මගෙ කට පටියකින් ගැට ගහලා තිබ්බෙ. හැම තැනම ලේ එක්ක එල්ලුනු දණ්වැල් තිබ්බා.ඒ මදිවට හිර කූඩු වගේ ඒවත්.
මම හොඳටම භය වෙලා හිටියෙ.මම ඇස් දෙකත් ලොකු කරගෙන Shadow Fang දිහා බැලුවා. එයා එයාගෙ දරුණු හිනාව දාගෙන මට හිනා උනා.ඊට පස්සෙ කිනිස්සක් සාක්කුවෙන් අරගෙන උඩ දාලා කරකවලා ඇල්ලුවා. Shadow Fangගෙ මූණෙ පැත්තක් පටි වලින් ඔතා ගෙන ඉන්නේ.එයාගෙ පේන්න තියෙන්නේ එක ඇහැයි.හැබැයි ඒකත් කොන්ඩෙන් වැහිලා තියෙන්නේ. පිහිය නැති අතින් එයා කොන්ඩෙ පැත්තට දාන ගමන් යකෙක් වගේ හිනා උනා. එහෙමම මගෙ පැත්තට කිනිස්සක් දික් කරන් ආවා. මම එහෙමම ඇස් වහ ගත්තා. "ක්‍රිස්." මගෙ කම්මුල ගාවින් කිනිසි පාර ගිහින් කට බැඳලා තිබ්බ පටිය බිමට වැටුනා. කම්මුලෙන් ලේ බින්දු බින්දු බිමට වැටෙන්න ගත්තා.
YOU ARE READING
I see the LIGHT(Sinhala)
Adventure📖✨ Dive into the World of Shadow Fang! ✨📖 Book name: I see the LIGHT Author: @mayumi1027 Genre: Mafia, Adventure,Romance Language : Sinhala 🌌 In the heart of darkness, where loyalty and betrayal intertwine, Shadow Fang emerges from the shadows of...