I see the LIGHT 08

51 4 2
                                    

Shadow Fang

Scarlet අඩියක් දෙකක් පස්සට තිබ්බා.එයාගෙ මූණ හොඳටම බෙරි වෙලා තිබ්බේ.එයා වචනයක් වත් කතා නොකර අඩි පාර දිගේ යන්න ගියා.මට එයාව නතර කරලා උන හැම දෙයක් ගැනම අහ ගන්න ඕනෙ උනා... ඒත් මම එයාට යන්න දීලා බලන් හිටියා.මගෙ ඔළුව ඇතුලෙ කැරකුනේ එක දෙයයි.ඒ Scarletගෙ කටහඩ "පිස්සුද තමුසෙට.ඒක මාෆියා එකෙන් දාපු බෝම්බයක්.අනික ඒක ඔයාගෙම නිර්මාණයක්."

Scarlet කිව්වෙ ඇත්තක් නම්...ඒත් කොහොමද මගෙ නිර්මාණයක් එළියට යන්නෙ.කල්පනා ලෝකෙකට වැටුනු මගෙ හිත අවුරුදු 4ක් පස්සට ගියා. මට මගෙ පොඩි කාලෙ මැවිලා පේන්න ගත්තා.

මම හිටියෙ මගේ මාෆියා පෙනුමෙන්. පරණ.. වැඩ කරන්නෙ නැති.. වයර් ගොඩක් එළියට පැනපු දෙයක් මම අතේ තියන් හිටියා. ඒක බිමින් තියලා.. ළඟ තිබ්බ ට්‍රන්ක පෙට්ටියක් උස්සන් ඇවිත් ඒකෙන් අඩු,වයර් එළියට අරගෙන මම ඒ දේ හදන්න ගත්තා. ටික වෙලාවකින් තව ට්‍රන්ක පෙට්ටියක් මම උස්සන් ආවා.මම ඒ ට්‍රන්ක පෙට්ටිය ඇරියා.ඒකෙ ඇතුලෙ තිබ්බෙ මම හදපු තවත් නිර්මාණ වඟයක්.ඒකෙන් එකක් එළියට අරන් කෑලි ගළවලා ඒ දෙක එක නිර්මාණයක් කරා.ඊට පස්සෙ ඒ නිර්මාණය උඩ ස්ප්‍රේ ගන් එකකින් මිණී ඔළුවක් ඇන්දා.මෙච්චර වෙලා පැහැදිලිව මැවිලා පෙනුනේ නැති ඒ නිර්මාණෙ පැහැදිලිව පේන්න ගත්තා.ඇත්තටම ඒක බෝම්බයක්.

මනෝ ලෝකෙන් පියවි ලෝකෙට එද්දි තමා දැක්කෙ වෙලාව හවස 6 ත් වෙලා කියලා. ඕ..ශිට් අද නේද අර OSගෙ පාර්ටි එක.මම ඉක්මනට බයික් එක ස්ට්‍රාට් කරන් Skye පවුලෙ ගෙදර පැත්තට ගියා.ගෙදර කිසිම පාර්ටි සීන් එකක් තිබ්බෙ නෑ.මම ඉක්මනට සාක්කුවෙන් OS ගෙ කාර්ඩ් එක අරන් බැලුවෙ මට දවස වැරදිලාවත් ද කියලා. නෑ.... Luck එක තමයි. පාර්ටි එක තියෙන්නෙ Lavender hotel එකේ. ඒත් එක්කම මගෙ ෆෝන් එක රිංග් උනා.දැන් තමා මූටත් මාව මතක් වෙලා තියෙන්නෙ. "හලෝ Jaden.. ඔයා කොහෙද ඉන්නේ.අපි මේ පාර්ටි එකට යන ගමන්."

"මම ඉන්නෙ OSගෙ ගෙදර ගාව.මට හැම දේම clear උනාම පණිවිඩේ දෙන්න." Luca ෆෝන් එක තිබ්බෙ නෑ. "Jaden ඔයාට මෙහෙ එන්න අදහසක් නැද්ද?" මම කිසිම උත්තරයක් දෙන්නෙ නැතුව ෆෝන් එක කට් කරා. ඒත් එක්කම මම කෝල් ගත්තෙ Luciaට. "හලෝ Lucia ඔයා ඇවිල්ලද ඉන්නේ." ෆෝන් එකෙන් කිසිම පිළිතුරක් ආවෙ නෑ. ඒ වෙනුවට ආවෙ මහ හඩින් ඇහෙන සින්දු සද්දයක්.මට යකා නැග්ගා. "Luciaaaaa...." ඒ පාර නම් Luciaගෙ කටහඩ ඇහුනා. "සොරි Jaden මේක අස්සෙ මොකුත් ඇහෙන්නෙ නෑ."

I see the LIGHT(Sinhala)Where stories live. Discover now