I see the LIGHT 14

24 1 2
                                    

 Ice Vein

දන්නෙම නැතුව මට ආයෙත් නින්ද ගිහින්.හොඳ වෙලාවට Lucia කියලා කෙනෙක් ඉන්නේ.එයා කොච්චර හොඳයි ද කිව්වොත් මම අද උදේ පාන්දර ඇහැරුනේ හොඳ සීතල වතුර බාල්දියක් නාගෙන.

"නැඟිටිනවා මිනිහො! පරක්කු වෙලා තියෙන්නේ." මම ඇත්තටම නිදා ගෙන තියෙන්නේ බිම.මම ඈනුම් ඇර ඇර "හරි හරි විනාඩියක් දෙන්න." Luciaවත් තල්ලු කරන් කාමරේට දුවන් ආවෙ Jaden. "මගෙ ෆෝන් එක." Jaden මගෙ මගෙ මේසෙ උඩ තියෙන එයාගෙ ෆෝන් එක අරන් සාක්කුවට දාගන්න ගමන් "මට පරක්කු වෙනවා.මට ප්‍රැක්ටිස්." Jaden තද නිල් පාට බැගී ෂර්ට් එකට දණිස්සට කොට කළු ෂෝටක් ඇදන් දණිස්සටම දිග නිල් කළු ඉරි ගියපු මේස් දෙකක් දාගෙන Nike Football play කරද්දි දාන සපත්තු දෙකක් දාගෙන හිටියේ."මං කැපුනා බායි......" "දස්////" Jaden බායි ගාගෙන හැරිච්චි පාර වහලා තිබ්බ දොරේ වැදුනා. "මොකාද යකෝ මෙතනට දොරක් දැම්මේ...." Jaden දොරට පයින් ගහලා හයියෙන් ඇරලා අත ඇරපු පාර මම ඉක්මනට ගිහින් දොර අල්ල ගත්තා.මේකි දොරවල් කීයක් කැඩුවද මං අදුර ගත්ත අවුරුදු 2කට.Luciaත් ඒත් එක්ක එළියට ගියා.

මේ දවස් ටිකේ ඉස්කෝලෙ යන්නේ Sport meet කාලෙ.ඉතින් Jaden Football play කරනවා.මං නං ඕවට නෑනේ.ආහ් නැත්තෙම නෑ.මං ඉන්නවා චෙස් play කරන්න. හැබැයි ඒකත් නමට කිව්ව නම් හරි. පණ්ඩිතයා වගේ චෙස් play කරන්න ගියා.හිතුවේ මහ ලොකු මාෆියා හැකර්ට චෙස් කියන්නේ ඊසි කෑෂ් කියලා.පණ්ඩිත කමට ගිහින් Rachel එක්කම ඉඳගෙන චෙස් play කරා කියන්නකෝ.පට්ට චා එක.දමලා ගහලා හැරියා ආවා මම.හීනෙන් තමා ඒකි එක්ක චෙස් play කරන්නේ.

මම ඉක්මනට ඇඳුම් ටිකත් දාගෙන කාර් පාර්ක් එකට ගිහින් Luciaටයි,Jakeටයි එකතු උනා.දැන් Luciaත් අපි එක්කම යන්නේ.එයා කොහොමත් ඉස්කෝලෙ ගියපු එකීනේ.මම ඉස්කෝලෙන් බැහැපු ගමන් ගියේ 3නේ පන්ති පැත්තට.මම Kaiට උදේ කෝල් එකක් ගන්නං කිව්වා නේ.අමතක උනානේ.දැන් ඉදලා හමාරයි.මම එයාගෙ පන්තියට එබිලා බැලුවා එයා හිටියෙ නෑ.අප්පට Kaiට ප්‍රැක්ටිස් නේද?මම ඉක්මනට පිට්ටනිය පැත්තෙ තිබ්බ changing room එක පැත්තට ගියේ Kaiව හොයා ගෙන.මම ඈතට දැක්කා Kai ඔළුවත් පාත් කරගෙන changing room එක ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්නවා.

I see the LIGHT(Sinhala)Where stories live. Discover now