Shadow Fang
"Jaden අපි එන ගමන්." Rachel කෝල් එකෙන් හිමීට කෙඳිරුවා. "ආ... හරි." මම කෝල් එක කට් කරා.
"අන්න එනවලූ." මම Kaiගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.
ඒත් එක්කම මට අහම්බෙන් නෝට් උනේ කැෆේ එක ඇතුලෙ ඉඳන් ඉන්න කොල්ලො දෙන්නව.ඒත් එක්කම Safiya මං ගාවට දුවන් ආවා. "මං කිව්වෙ අන්න අරයා.දැන් ඉතින් කිව්ව ගමන් බලන්න එපා." Safiyaට කටක් ගන්න හම්බුනේ නෑ මම ගොනා වගේ බැලුවා. එතන කොල්ලො දෙන්නෙක් හිටියා. ෂික් චා එක උන්ට මාව නෝට් උනා.
"අනේ මෝඩයා." Safiya අයෙත් මුනු මුනු ගාන්න ගත්තා. "ඔය කොළ පාට ෂර්ට් එක." Safiya හොරෙන් පෙන්නද්දි මාව ඩිම් වෙලා ගියා.ඒත් එක්කම ඒ කොල්ලො දෙන්නා ගාවින් ඇවිත් වාඩි උනේ Keith.මම එහෙමම අහක බලා ගත්තා.
"කාවද බලන්නේ?" මගෙයි Safiyaගෙයි මැදට පනින ගමන් Lucia ඇහුවා. "ඒ මේ අර මන් කිව්වේ. Mailyගෙ crush එක බන්." Lucia කොල්ලො තුන් දෙනා දිහා බලාගෙන කිව්වා.
"කොයි කෙනාද?" Safiya භය වෙලා වගේ ඇහුවා. "අර සුදු ෂර්ට් එක." Lucia පෙන්නපු පාර මාත් ෂේප් එකේ හැරිලා බැලුවා.
"ජිම් පොරද?" මම ඇහුවම. "ඔව් ඔව් මටත් Riana කිව්වේ.මේ කැෆේ එක එයාගෙලු."
"මොකක්." මට එක පාරම කියවුනා.
"ඒ මේ අර Keith නේද?" එක පාරටම Lucia පැනික් වෙලා වගේ ඇහුවා. එතකොටම Scar, Mia අපි ගාවට ආවා.
"අර cake කඩේට ආපු කොල්ලා නේද?" Mia Keithව පෙන්නන ගමන් ඇහුවා.
"අයියෝ..." මම ඔළුවෙ අත ගහ ගන්න ගමන් බිම බලා ගත්තා. ඒත් එක්කම Kellyත් අපි ගාවට ආවා. Kelly සත්තු දිහා බලනවා වගේ කොල්ලො තුන් දෙනා දිහා බැලුවා.
අපේ කසු කුසුව ඇහිලා ඒ කොල්ලො තුන් දෙනා නැඟිටලා අපේ පැත්තට ආවා. "හුටා ඉවරයි." මම උන්ගෙ පැත්තට පිටුපාලා හිට ගත්තා.
"හේයි Jaden." මම ඔළුවෙ අත ගහගෙනම Keithගෙ පැත්තට හැරුනා. "හලෝ... Keith." මමත් බොරු හිනාවක් දාගෙන කිව්වා.
"ගොඩ කාලෙකින් නේද Jaden. මම කිව්වෙ Jaden////" Keith ඉතුරු ටික කියන්න යද්දි මම පැනලා එයාගෙ කට වැහුවා.
කෙල්ලො ටික පුදුම වෙලා වගෙ මගෙ දිහා බලන් හිටියා. මට කර කියා ගන්න දෙයක් නැති උනා. "පොඩ්ඩක් ඉන්න අපි දෙන්නට පෞද්ගලික කතාවක් තියෙනවා." මම එහෙම කියාගෙන Keithව ඇඳගෙන කැෆේ එකෙන් ටිකක් ඈතට ගියා.
YOU ARE READING
I see the LIGHT(Sinhala)
Adventure📖✨ Dive into the World of Shadow Fang! ✨📖 Book name: I see the LIGHT Author: @mayumi1027 Genre: Mafia, Adventure,Romance Language : Sinhala 🌌 In the heart of darkness, where loyalty and betrayal intertwine, Shadow Fang emerges from the shadows of...