I see the LIGHT 05

44 1 0
                                    

Shadow Fang

එතකොට මේ පොඩි එකී මාව දැකලද? මොනව කරන්නද ඉතින් දැක්කා කියලා. මම Kellyගෙන් "භය නැද්ද එයා ඔයාවත් මරයි කියලා?"

Kelly කිසිම භය ගතියක් පෙන්නන්නේ නැතිව "නෑ... අනික මාව මොකටද මරන්නේ?"

මේකි බලපන්කො. "නෑ. මේ... ඔයා එයාව දැක්කා කියලා දැනගත්තම."

"එහෙනම් මෙලහකටත් මරලනේ.එයා මාව දැක්කේ නෑ.අනික මම දැන් ආරක්ෂිතයි."

ඒක අහලා මම කන්ෂියුස් උනා. "ආරක්ෂිතයි.ඒ කිව්වේ?"

Kelly මගෙ දිහා හෙන ගැම්මට බලලා "මම Shield of Justice(ෂීල්ඩ් ඔෆ් ජස්ටීස්) එකේ වැඩ කරන්නේ. මට භය වෙන්න හේතුවක් නෑ."

මගේ කටින් පිට උනේ "මොකක්!"

ඒත් එක්කම Kellyට කෝල් එකක් ආවා.එයා ෆෝන් එක ආන්ස්වර් කරා. "හලෝ Rachel කියන්න. ඕ.. ඕ.. හරි මං එන්නම්." කෝල් එක කට් උනා.

එයා මගෙ පැත්තට හැරිලා. "මිනී මැරුමක් වෙලා.මට ඒක බලන්න යන්න වෙනවා.මං යන්නං."

එයා යන්න හදද්දි මට මීටරේට ආවේ. "ඒ.. ඔයා Rachel ට නේද කතා කරේ.එයත් ඔයා එක්කද වැඩ කරන්නේ?"

"ඔව්.ඔයා එයාව අඳුරනවද"

"ඕ.. එයා මගෙ පන්තියේ."

Kelly හෙන හැපි ෆේස් එකක් දාගෙන "ඒ කියන්නේ ඔයා Scarletවත් දන්නවා ඇති. එයත් අපි එක්ක වැඩ කරන්නේ. එයා නම් පට්ට."

මට දැනුනා මගෙ ඇගේ මාළු ගඟේ නටනවා කියලා.ආපු කේන්තියත් එක්කම මම Kellyට සැරෙන් "මොකක්ද කිව්වේ?"

Kelly මට හිනා වෙන ගමන් "එහෙම තමා.. ජීවිතේට හිතා ගන්න බැරි අය තමා එහෙ වැඩ කරන්නේ."

මට මගෙ කේන්තිය දරා ගන්න බැරි තැන බෑග් එකත් කරට දාගෙන අත මිට මොලව ගෙන එතනින් පිට වුනා.

මම කෙලින්ම ගියේ කැස්ටෙලානෝ(Castellano) බිල්ඩිමට.මම යනකොට ජේකුයි,ලූකායි හොඳට කාඩ් ගහ ගහ ඉන්නවා.මෙච්චර වෙලා තරහ පිට කර ගන්න බැරුව හිටපු මම බෑග් එක උන් දෙන්නා කාඩ් ගහ ගහ හිටපු මේසෙට දමලා ගැහුවා.ඒත් තරහ පිට උනේ නෑ.මම බිත්තියට පයින් ගහලා එතන තිබ්බ මල් පෝච්චිය අරන් පොළොවෙ ගැහුවා.මට දැනුනා මගෙ ඇහැක් නලියනවා කියලා.ඒත් එක්කම Luca "සන්සුන් වෙන්න Jaden. සන්සුන් වෙන්න." මම අත මිට මොලවගෙන Luca පැත්තට යද්දි Jake එක පාරටම මගෙ බෙල්ල මිරිකලා උස්සලා ගත්තා.ටිකකින් මාව බිමින් තිබ්බා. මම ලැජ්ජාවටත් එක්ක ගිහින් පුටුවෙන් ඉඳ ගත්තා.

I see the LIGHT(Sinhala)Tahanan ng mga kuwento. Tumuklas ngayon