I see the LIGHT 19

17 1 4
                                    

Kai Bennett

මොකක්ද අප්පා answer කරන්නේ නෑනේ. Jadenට දෙවෙනි සැරෙත් කෝල් කරලා බැරිම තැන කට් කරා. අයියෝ දැන් මං මේක ගන්නද එපාද? Luca කැමති නැති උනොත්.ඔන්න ඔහේ ආයෙත් Jadenට කෝල් එකක් අරන් බලනවා.

ඇති යාන්තන් ඒ පාර නම් answer කරා. "හලෝ Jaden මම Lucaට Game console එකක් ගත්තා.ඒක හොඳයිද?" එහා පැත්තෙන් කිසිම සද්දයක් බද්දයක් ආවෙ නෑ. "හලෝ...හලෝ..."

"අවුලක් නෑ ගන්න." එහා පැත්තෙන් ආවෙ හුරු පුරුදු voice එකක් ඒත් ඒ Jaden නෙමේ. "හලෝ මේ Jaden ද?"

"දැන් තමුන්ට තමුන්ගෙ නංගිගෙ කටහඩ අඳුර ගන්න බැරිද?" මගෙ කන Kellyගෙ කටහඩින් බීරි වෙලා ගියා. "ආ.. මේ ඔයාද? Jadenගෙ ෆෝන් එක ඇයි ඔයා ගාව."

"තමුසෙට අදාළ නෑනේ ඒක." Kelly ආයෙත් තද වෙලා වගේ කිව්වා. "කොහෙද ඉන්නේ දැන්." මම හිටපු කඩෙන් එළියට ආවෙ ඉන්න තැන ගැන මටවත් හරි හමන් අදහසක් නැති නිසා. "ආආ.. මේ...අනේ මන්දා." මම ඔළුව කස කසා තනියෙන් හිනා වෙන්න ගත්තා.

"අනේ මෝඩයා.බලපන් බෝඩ් එකකවත් නමක් ගමක් තියෙනවද කියලා." මම වටේ බැලුවා.ඇත්තටම කිව්වොත් මට ඉන්න තැන ගැන කිසිම අදහසක් නෑ."මම මෙතනට ආවේ Google Map එක දාගෙනනේ."

"අනේ ඉතින්.මට send කරන්නකො ඕක.මම බලන්නම්." එහෙම කියාගෙන Kelly කෝල් එක කට් කරා.

දැන් මම Jadenට ද Map එක දාන්න ඕනෙ Kellyටද? ඔහොම ඉන්න ආයෙ අරගෙන අහන්න. මම ආයෙත් Jadenටම කෝල් එක ගත්තා. "ඒ මේ ඔයාටද දාන්න ඕනෙ Jadenට ද?"

"මට යකෝ.... මට." Kelly ආයෙතේ බෙරිහන් දීලා කට් කරා.

දැන් මට කිව්වේ Jaden මට ද නැත්තනම් Kelly මට ද ඔන්න ඔහේ දෙන්නටම දානවා.මම location එක දෙන්නටම යැව්වා.මම එහෙමම Lucaට ගත්ත Itachiගෙ Game console එකට සල්ලි ගෙවලා කඩෙන් එළියට ආවා. 

 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I see the LIGHT(Sinhala)Where stories live. Discover now