Shadow Fang
"පොඩ්ඩක් ඉන්න සර්." පොලීසිය මැද්දෙන් ආවේ පොඩි ගෑනු ළමයෙක්ගෙ කටහඩක්.මම හිමීට ඇස් ඇරියා. එතකොට තමා තේරුනේ මගෙ මරණෙ පොඩ්ඩක් පරක්කු උනා විතරයි කියලා. "මම එයා ගැන බලා ගන්නම් සර්." පොලීසිය මැද්දෙන් ඉස්සරහට ආවේ Kelly Bennett. පොලිස් කාරයෝ එයාගෙන් ප්‍රශ්න කරන්න හඳනකොටම Kelly එයාගෙ Shield of justices බැජ් එක ගහපු ID wallet එක අරන් පොලීසියට පෙන්නුවා.පොලීසිය Kellyට මං ගාවට එන්න දීලා පැත්තට උනා.
Kellyගෙ ගවුම,
Kelly හිටියෙ කළු පාට party dress එකක් පිටින්.ඇත්තටම එයා අද වෙනදට වඩා ලස්සනයි.තව දුරටත් මට Kellyගෙ ලස්සන බලන්න හම්බුනේ නෑ.Kelly පොලීසියට අතින් යන්න කියලා සඤ්ඤා කරා. පොලීසිය අපි දෙන්නව තනි කරලා යන්න ගියා.පොලීසිය එතනින් ගියා විතරයි එක පාරම Kelly එයාගෙ ගන් එක මගෙ නළලට ළං කරා.
මම එයාට මගෙ අඳුරු බැල්ම දැම්මා.ඒත් Kelly ගන් එක පොඩ්ඩක්වත් හෙල්ලුවේ නෑ.ටික වෙලාවක් යනකන් මම එයාගෙ ඇස් දිහා කෙලින් බලන් හිටියා. මම දන්නවා එයා මට පට්ටෙට වෛර කරනවා කියලා. ඒක එයාගෙ ඇස් දෙකෙන් හොඳටම පෙනුනා. තව දුරටත් ඉස්සර මම දැකපු අහිංසක ඇස් දෙක මට එයාගෙන් පෙනුනෙ නෑ. මෙච්චර දෙයක් වෙලත් අන්තිමේදි ඇයි තාම මාව මරලා දාන්නෙ නැත්තේ? Kelly ගන් එක පැත්තකට ගත්තා.එයා වචනයක්වත් කතා නොකර හැරිලා අඩියක් දෙකක් යන්න ගියා.මමත් ඒ වෙලාවෙම එයාව මඟ ඇරලා මගෙ Bike එක පැත්තට ගියා.
මගෙ Bike එකේ යතුර නැති වෙලා.මම වට පිට බලද්දි දැක්කා යතුර බිම වැටිලා තියෙනවා.මම යතුර ගන්න බිමට නැමෙද්දිම මගෙ වම් අතින් එළියට කිනිස්සක් මතු උනා.මම අත අල්ලගෙන අනිත් පැත්ත හැරෙද්දි Kelly මගෙ අතින් කිනිස්ස ඇඳලා අරන් ආයෙ මගෙ බඩට ඇන්නා.ඒත් එක්කම මගෙ කටින් ලේ විසික් උනා.Kelly දිහා බලාගෙනම මම බිම වාඩි උනා.මට හැම දේම බොඳ වෙලා පේන්න ගත්තා. Kelly මාව කොලර් එකෙන් අල්ලලා නැඟිට්ටවන ගමන් "මේක මගෙ අක්කා වෙනුවෙන්." එයා එහෙම කියන ගමන් මාව අත ඇරියා.
තව දුරටත් මට නැඟිට ගන්න පණක් තිබ්බෙ නෑ.මම බඩ අල්ලගෙන බිම වාඩි උනා.එක පාරටම ඇහුනේ හයියෙන් කෑගහන සද්දයක්. "ඇයි... ඇයි... ඔයා මෙහෙම දෙයක් කරේ...." Kelly කෑගහන ගමන් මහ හයියෙන් අඬන්න ගත්තා.Kelly මගේ දිහා බලාගෙන "ඇයි...මෙහෙම.එයා මොකක්ද ඔයාට කරපු වැරැද්ද..අපි එක පවුලක් වගේ නේද හිටියේ.." Kelly අඬ අඬා බිම වාඩි උනා.එයා එහෙමම මං ගාවට ඇවිත් මාව බදා ගත්තා. "ඇත්ත කියන්න.ඇයි එයාව මැරුවේ...?" මම අමාරුවෙන් Kellyව මට ළං කරන් බදා ගත්තා. "ඔයායාට ඇත්තද..දැනගන්න ඕනේ..?" මම අමාරුවෙන් කෙඳිරි ගාන ගමන් Kellyට උත්තර බැන්දා.
"ම..ම.. එයාව මැරුවෙ නෑ.. Kelly.. එයා suicide කර ගත්තා..." Kelly අඬන එක නතර කරලා ඇස් ලොකු කරන් මගෙ දිහා බලන් හිටියා.එයා කඳුළු පිහ දා ගන්න ගමන්. "ඇයි ඒ..." මම අමාරුවෙන් හුස්ම ගන්න ගමන්. "එයා...ට.. බොස්ගෙන්.. ළමයෙක් හම්බෙන්න හිටියෙ... ඒකයි එයා...suicide කර ගත්තේ..." තව දුරටත් මට කතා කර ගන්න පණක් තිබ්බෙ නෑ. මට එහෙමම සිහි නැති උනා.
YOU ARE READING
I see the LIGHT(Sinhala)
Adventure📖✨ Dive into the World of Shadow Fang! ✨📖 Book name: I see the LIGHT Author: @mayumi1027 Genre: Mafia, Adventure,Romance Language : Sinhala 🌌 In the heart of darkness, where loyalty and betrayal intertwine, Shadow Fang emerges from the shadows of...