I see the LIGHT 17

17 3 2
                                    

Shadow Fang

කෝච්චයේ වැඩිය සෙනඟ හිටියේ නෑ.Kelly ඉඳගන්න තැනක් අල්ල ගෙන හිටියේ.මම එයාගෙ එහා පැත්තෙන් වාඩි උනා. Kelly ජනේලෙන් එළිය බලාගෙන "මොකෝ භය වෙලා වගේ.ඇයි භයද මන් ඔයා ගැන ඇත්ත හැමෝටම කියයි කියලා." ඔව් එයා හරි මං ඇත්තටම භය වෙලා ඉන්නේ.ඒත් කොහොමද මාව මෙච්චර ඉක්මනට අඳුර ගත්තේ.

"මොනව ගැනද ඔයා මේ කියවන්නේ.මට තේරෙන්නේ නෑ." මම මොකුත් නොදන්න ගානට Kellyගෙන් ඇහුවා. "හහ්" Kelly මගෙ පැත්තට හැරුනා."දන්නවද ඊයෙ ඔයා එක ෆයිල් එකක් දාලා ගියේ කියලා." මට හීන් දාඩිය දාගෙන ආවා.Kelly ඇත්තටම මාව අඳුර ගෙන. "මන් දන්න ෆයිල් එකක් නෑ." මම Kellyට රවන ගමන් කිව්වා.

"ඇති නේද දැන් රැගුවා මොකුත් දන්නේ නෑ වගේ." Kelly එයාගෙ දුෂ්ට හිනාව දාගෙන කිව්වා.මට ඒ වෙලාවේ කිසිම වචනයක් පිට උනේ නෑ.Kelly එහෙමම මගේ වම් අතේ වැළමිටෙන් අල්ල ගත්තා. "තාම තුවාලෙ හොඳ නෑ නේද? අද එන්න ආයෙ අම්මට කියලා බෙහෙත් දා ගන්න එතකොට ඕක අඩු වෙයි." එහෙම කියන ගමන් Kelly මගෙ තුවාල පටිය ලිහන්න ගත්තා.මම තව දුරටත් කට වහන් ඉන්න තීරණය කරා.

"මොකද කට වැහිලා.භය වෙලාද ඉන්නේ?" තවත් නම් බෑ මාත් පටන් ගත්තා. "මන් නෙමේ භය වෙන්න ඕනෙ ඔයා." මම Kellyට කියද්දි "ඒ මොකටද?" Kellyට කිසි ගානක් නෑ.එයා හරිම සාමාන්‍ය විදියට මාත් එක්ක කතා කරනවා. "භය නැද්ද මන් ඔයාව මරලා දායි කියලා. හරියටම මේ දැන් උනත්."

"නෑ මං භය නෑ. මොකද මං දන්නවා ඔයා Selineට උන පොරොන්දුව කඩන්නෙ නෑ කියලා." මම බිම බලා ගෙන "මොන ෆයිල් එකද දාලා ගිහින් තියෙන්නේ?" Kelly මගෙ තුවාල පටියෙ අන්තිම ටිකත් නමන ගමන් "උප්පැන්නෙ තියෙන එක." මගෙ පපුව හෝස් ගාලා ගියා. "මොකක්? වෙන්න බෑ.මට එහෙම එකක් නෑනේ."

Kelly තුවාල පටිය එයාගෙ බෑග් එකට දා ගන්න ගමන් අලුත් එකක් එළියට අරගෙන "මට මුල ඉදන්ම Jaden ඔයා ගැන සැක හිතිලා හිටියේ.මගෙ ඒ සැකේ නැති වෙලා ගියේ ඔයාගෙ උප්පැන්නෙන්. මට දැන් හිතා ගන්න පුළුවන් මේ විදියට මිනී මරන්න තරම් හිතක් පපුවක් නැති උනේ කොහොමද කියලා.ඒ ඔයාගෙ තාත්තා නිසා.ම් හැම දේකටම වග කියන්න ඕනෙ එයා."

"තාත්තා..... ඔයා මොනවද කියවන්නේ? කොහෙද දැන් ඔය කියන උප්පැන්නෙ?" Kelly එයාගෙ බෑග් එකෙන් තුවාල බෙහෙත් එක අරගෙන මගෙ අතේ ගාන්න ගත්තා. "භය වෙන්න එපා.මම ඔයා ගැන තියෙන හැම සාක්ෂියක්ම නැති කරා.මම ඒක පුච්චලා දැම්මා."

I see the LIGHT(Sinhala)Donde viven las historias. Descúbrelo ahora