I see the LIGHT 13

21 1 0
                                    

Ice Vein

මම හිටියෙ හරියට උත්තරයක් දී ගන්න බැරුව."අද නම් බැරි වෙයි."

"එහෙනම් හෙට?" Kai මට නරු නුරු ගගා පාර්ක් යන්න දවසක් අහද්දි මට කර කියා ගන්න දෙයක් නැති වෙලා හිටියේ.මං කොහොමද මේ වැඩ අස්සෙ පාර්ක් යන්නේ.මෙයාට කියලා වැඩක් නෑ ඕවා.ඊළඟට මං වෙනුවෙන් ඔයාට එක දවසක්වත් නැද්ද කියලා නාහෙන් අඬන්න ගත්තම.

"බලමු.මට වැඩ වගයක් ගොඩ ගැහිලා තියෙනවා කරන්න.මං හෙට උදේට කෝල් එකක් ගන්නම්." මම කෝල් එක කට් කර ගන්න ඕනෙ කමට එහෙම කිව්වේ.තව දුරටත් එහා පැත්තෙන් Kai ගෙ කටහඬ ඇහුනේ නෑ.ඒ පැත්තෙන් කෝල් එක කට් උනා.

මට ඒ වෙලාවෙම වගේ ආපු ඔළුව කැක්කුමට මම පොඩ්ඩක් ඔළුව මේසෙ උඩ තියා ගන්න ගියා විතරයි. "දස්...." භාගෙට ඇරිලා තිබ්බ මගෙ කාමරේ දොර Jadenගෙ කකුල් පාරට සම්පූර්ණයෙන් ඇරුනා.

"Luka... හදිස්සියක්.මට උදව්වක් ඕනේ." Jaden හිටියෙ එයාගෙ මාෆියා ඇඳුම පිටින්.මොකක් හරි හේතුවකට එයා හොදටම කළබල වෙලා හිටියේ.එයා මගෙ එහා පැත්තෙ තිබ්බ කැරකෙන පුටුව කරකවලා අරන් ඉඳ ගන්න ගමන් "මට මේ කෙනාගෙ තොරතුරු හොයලා දෙන්න." Jaden මට අවුරුදු 5ක විතර පිරිමි ළමයෙක්ගේ පරණ ෆොටෝ එකක් ෆෝන් එකෙන් පෙන්නුවා.මම ඒ ෆොටෝ එක දැක්ක ගමන් "ඇයි මේක crop කරලා ෆුල් එකක් නැද්ද ෆොටෝ එකේ."

Jaden මට රවන ගමන් "තමුසෙට ඉතුරු ටිකෙන් වැඩක් නෑනෙ.මට ඕනෙ මේ ළමයා ගැන දැන ගන්න."

මම භය වෙයි එයාගෙ රැවිලි වලට. "කෝ දෙන්න." මම Jadenගෙන් එයාගෙ ෆොන් එක ඉල්ල ගත්තා. අම්මට සිරි iphone 15 එකක්. මම Jadenගෙ ෆොන් එක මගෙ computer එකත් එක්ක connect කරලා මගෙ සුපුරුදු රාජකාරිය පටන් ගත්තා.ටික වෙලාවකට පස්සෙ ඒ ළමයට අදාළ තොරතුරු ටික screan එකේ වැටුනා.මමයි ජේඩනුයි screan එකට එබිලා තොරතුරු ටික කියවන්න ගත්තා.

මමයි ජේඩනුයි screan එකට එබිලා තොරතුරු ටික කියවන්න ගත්තා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
I see the LIGHT(Sinhala)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ