I see the LIGHT 01

67 5 2
                                    

Grim Specter

හලෝ...හලෝ...අපි එතනට ආවා. සොර සොර සද්දෙත් එක්ක ඇහුනේ ''8 වෙනි ලාච්චුව අරින්න''.

"ඒක ලොක් මෝඩයෝ".Shadow Fang මගේ එහා පැත්තේ ඉදන් මුමුනන්න ගත්තා. ඒත් එක්කම වගේ අඩි සද්ද, කටහඩවල් ඇහෙන්න ගත්තා.''හලෝ...හහලෝලෝ...Grim.mm....'' කරුමේට ඒ වෙලාවෙම Vein ගේ ලයින් එක ඩිස්කනෙක්ට් උනා. එන්න එන්නම සද්දේ ළග ළගම ඇහෙන්න ගත්තා.මට කර කියා ගන්න දෙයක් නැති උනා.

එක පාරටම Shadow Fang 8 වෙනි ලාච්චුවට පයින් ගහලා ගලවලා අරන් මට විසික් කරා. "ඕක අරන් දුවපන් මං ඉවරයක් කරලා එන්නම්". Shadow Fang එහෙම කියාගෙන පිස්ටල් එක ලෝඩ් කර ගත්තා.

තත්පරයක් ගියේ නෑ. දොර කඩාගෙන පොලිසිය ඇතුලට ආවා.''Hands up'' මොන Hands up ද? පොලිසියට කටක් ගන්න හම්බුනේ නෑ. Shadow Fang මුලු කැබින් එකම ලේ විලක් කළා. මම ඉක්මනට ජනේල් වීදුරුව බිඳ ගෙන එළියට පැනලා දුවන්න ගත්තා. පොලිසිය ඇතුලෙන් ඇහෙන වෙඩි සද්ද වැඩි වෙන්න ගත්තා. පොලිස් වාහන මාව පන්නන්න ගත්තා. ටිකකින් ළඟ ළඟම ආපු බයික් එකක් කන ගාව හෝන් කරා. "නඟිනවා".මම ඉක්මනට බයික් එකට නැඟ්ගා.විදපු විදිල්ලට පොලිස් වාහන මඟ ඇරුනා. Shadow Fang නම් යකෙක්.

අපි දෙන්නා සුපුරුදු විදියට ලිෆ්ට් එකට ගියේ බොස් ව හම්බේන්න. Shadow Fang එක අතකින් අනිත් අත අල්ල ගෙන මූණ එල්ලන් හිටියේ....මට පෙනුනා එයාගෙ අතෙන් ලේ වැක්කෙරෙනවා. "ඒයි ඔයාට අමාරුද?" "නෑ....මට ඒක නෙමේ ප්‍රශ්නේ." මම ලාච්චුව බිමින් තිබ්බේ බැරිම තැන. "එහෙනම් මොකක්ද අවුල?"

"මං හිතන්නේ මම ඔෆිසර් ව මැරුවා". "මොකක් ඔයාට පිස්සුද? අපි ඉවරයි". "ඔයා පැත්තකට වෙලා ඉන්න.මං වැරැද්ද පිළිගන්නම්." ඒත් එක්කම ලිෆ්ට් එක ඇරැනා.

"බොහොම හොඳයි". බොස් අත්පුඩි ගහන ගමන් අපි දෙන්නා පැත්තට පුටුව කරකවා ගත්තා. බොස් මේසෙට අත් දෙක තියා ගෙන ඇඟිලි තඳ කර ගත්තා. හරි දේශනයක් දෙන්න තමයි.

මට කෙළ ගිලුනා. Shadow Fang හිටියේ බිම බලාගෙන එයා අඩියක් දෙකක් ඉස්සරහට තියලා "සොරි බොස්" කිව්වම බොස් මේසෙට ගහලා නැගිට්ටේ යකා නැගලා. "මම තමුන්ලට කියලා නේද යැව්වේ ඔෆිසර් ට අතක් තියලා අහුවෙන්න එපා කියලා.." ක්‍රීන්.. ක්‍රීන්.. ක්‍රීන්.. ඇති යන්තන් බොස්ට කෝල් එකක් ආවා.

"ඕ.. හරි. හරි. ඕකේ." බොස් කෝල් එක කට් කළා.

"උන දේවල් වෙලා ඉවරයි ඒත් ඔය දෙන්නා මගේ අණට පිටින් ගියාට ඔය දෙන්නට දඩුවමක් හම්බේනවා."

"බොස් ඒක මගේ වැරැද්ද Grim Specter ගේ වැරැද්දක් නෑ මම වැරැද්ද තනියෙන් පිළිගන්නවා."

"කටවහගන්නවා Jaden මම තීරණයකට ඇවිත් ඉවරයි. හෙට ඉඳන් ඔය දෙන්නා සාමාන්‍ය ළමයි වගේ ඉස්කෝලෙ යනවා."

"මොනවා.. මොකක්! මම ඉස්කෝලෙ යනවා... ඔයාට මම කවදා හරි ඉස්කෝලෙ ගියා වගේ මතකයක් තියෙනවාද?"

"Jaden හොඳටම ඇති.. මගේ තීරණේ වෙනස් වෙන්නේ නෑ."

Shadow Fang බොස්ට ගස්සලා ලිෆ්ට් එකට ගියා. Shadow Fang යන දිහා බලාගෙන බොස් හිනාවක් දැම්මා. හරියට එයා ප්ලෑන් කරපු විදියට වැඩේ උන ගානට. ඊට පස්සේ බොස් මං දිහාවට හැරිලා "Grim Specter හෙට ඉඳන් ඔය දෙන්නා සාමාන්‍ය ළමයි වගේ ඉස්කෝලෙ යනවා. ඒත් මෙහෙ වැඩත් ඒ විදියට වෙන්න ඕනේ". "ඕකේ බොස්."

"ඒ වගේම Jaden ව බලා ගන්න.එයාට ලෝකෙ පෙන්‍නන්න". "හරි බොස්."

මම බොස්ට සමු දීලා මගේ කාමරේට ගියේ හෙට යන්න ලෑස්ති වෙන්‍න. මම අද තමා ඇත්තටම Shadow Fang ගෙ ඇත්ත නම දැනගත්තේ. Jaden නේ.. එක පාරටම දොර කඩාගෙන ඇතුළට ආවේ Ice Vein.

"ඔය දෙන්නා හෙට ඉඳන් ඉස්කෝලෙ යනවා නේද? මමත් එනවා. මම බොස්ගෙන් අවසර ගත්තා. මරු නේ..මට ඉවසිල්ලක් නෑ.අවුරුදු දෙකකට පස්සේ ආයෙත් මම එනවා."

"මම අවුරුදු පහකට පස්සේ. ඒත් Jaden නම් ඉස්කෝලෙ ගිහින් නෑලු."

"කවුද Jaden?"

"Shadow Fang බන්. මම දැනගත්තෙත් බොස්ගෙන්"

"මේ ඇත්තටම එයා වගේ කෙනෙක්ව ඉස්කෝලෙ අරන් යනවට වඩා Suicide කර ගන්නවා හොඳයි."

එහෙම කියන ගමන් මමයි එයයි මූණට මූණ බලා ගත්තේ Shadow Fang ගේ අතීතය මතක් වෙලා.

I see the LIGHT(Sinhala)Donde viven las historias. Descúbrelo ahora