I see the LIGHT 11

27 1 0
                                    

Shadow Fang

මම බෙන්නෙට් පවුලට සමු දීලා මගෙ කාමරේට ගියේ තිබ්බ වේදනාදයි, මහන්සි ගතියයි නැති වෙන්න හොඳ නින්දක් දාන්න. මම වොෂ් එකක් දාලා ඇඳුම් මාරු කරන් ඇඳට පනිනකොට තමා මීටර් උනේ. "හුටා Bike එක"

මම කාමරේ දොර ඇරපු වේගෙට කාමරේට එන්න ගියපු Luciaගෙ ඔළුව දොරේ වැදුනා. "ආආආවුවු.. අනේනේනේනේ..." Lucia මට රව රව ඔළුව අත ගා ගත්තා. මම පිස්සෙක් වගේ "මගෙ Bike එක. මගෙ Bike එක.." ගගා Luciaව දෙපැත්තට වනන්න ගත්තා. "හරි... හරි... ඉඳපන් පොඩ්ඩක්" බැරිම තැන Lucia එයාගෙ ටැබ් එක අරන් මට අද දවසේ නිවුස් පෙන්නුවා. මම ඔළුවේ අත ගහ ගත්තා. මට Kelly එක්ක ආපු කේන්තියට ඒ ගෑනිව මට මරන් කන්න හිතුනා.

නිවුස් වල හෙඩ් ලයින් ගියේ "Shadow Fang නම් ධාමරිකයාගේ යතුරු පැදිය Shield of Justice බාරයට" මුන් මගේ Bike එක අරන් මෙහෙම නටනවා නම් මාව හිරේ දාපු දවසට කොහොම නටයි ද? සිරා කතාව කිව්වොත් මට ඒ වෙලාවේ ඇඬෙන්න ආවා. මමනේ දන්නේ Bike එකට මගෙ ආදරේ තරම.මම තුවාල උන අතත් අල්ලගෙන ආයෙ මගෙ කාමරේට ගිහින් දොර වහ ගත්තා.හිත හදාගන්න මම මගෙයි එයාගෙයි පරණ photoes වගයක් බලන්න ගත්තා.මං කියන්නෙ මගෙයි Bike එකෙයි.අපි දෙන්නා කොච්චර ආදරයෙන් හිටපු ජෝඩුවක් ද? අර Kelly තමා මැදට පැනලා අපි දෙන්නව වෙන් කරේ. මම කහොම හරි ආයෙ මං ළඟට ගන්නම්කෝ ඔයාව.

මම නින්ද යන්නැති තැන phone එක අතට අරන් Insta පැත්තෙ ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම නින්ද යන්නැති තැන phone එක අතට අරන් Insta පැත්තෙ ගියා.උඩ යට යද්දි අහම්බෙන් හම්බුනු Account එකකට මම ගියා. ඇහ් බොලේ.. මට request එකක් දාලා නේද? හරි හමන් නමක් ගමක්වත් නෑ.profile තියෙන්නේ වාහනක්. මට ඒ Account එකේ උඩ යට යද්දි හම්බුනේ කවියක්,

කෙස් රොදේ....

නළල සිප ගත් කෙස් රොදේ

මන්ද තරු කැට සැඟවුයේ..

I see the LIGHT(Sinhala)Where stories live. Discover now