Ice Vein
"Jaden...." Jakeවත් අතින් ඇඳගෙන Rachel කට පුරා හිනා වීගෙන අපේ පැත්තට ආවා.
"Hiii..... guys" Rachel වෙනදා වගේම එයාගෙ hight pitch එකෙන් හැමෝගෙම කන් බීරි කලා. කොච්චර කරත් Rachelගෙ කට පුරා ගියපු හිනාව ලේසියෙන් මැකෙන හිනාවක් නෙමේ.
"ආ... කපල් එක එනවද අපි එක්ක පාර්ක් යන්න." Jaden Rachelගෙ කරට පැනලා බෙල්ල බදා ගන්න ගමන් කිව්වා.
"හා.....කවද්ද? කීයටද?" Rachel Jakeගෙ වම් අත බදා ගන්න ගමන් ඇහුවා.
"අද හවස යන්නේ.Giardino di Sogni එකට." Kelly පැනලා කිව්වේ Jaden ආයෙ Garlic sauce කතාව පටන් ගනී කියලා වෙන්න ඇති.
ඒත් එක්කම වගෙ හිනා වෙවී අපේ පැත්තට ආවේ Jadenලගෙ ඉතුරු තුන.මට තාමත් හිතා ගන්න බැරි Jaden වගේ කෙනෙක් කොහොම මෙච්චර ඉක්මනට යාළුවෝ හදා ගන්නවද කියලා.ඒකත් කමක් නෑ කියමුකෝ.ඉදලා ඉදලා Scarlettලගෙ එකෙක් වෙන ගානට සෙට් වෙච්චි එක.
"ආ..ආ..කොහෙද මේ යන්න හදන්නේ?" Mia අපි දිහා බලාගෙන තාමත් හිනාව නතර කර ගන්න බැරුව ඇහුවා.මොකට හිනා වෙනවද මන්ද මෙච්චර.මන් දන්න තරමින් වැඩි පුර හිනා වෙන මිනිස්සු හිනා වෙන්නෙ depression හින්ද. ඒත් මුන් 5න් එකෙක්ටවත් ඇති depression එකක් නෑ.හැබැයි Jadenට නම් තියෙනවද කොහෙද.මන් හිතන්නේ ඒ අම්මා මැරිච්චි නිසා.
"Giardino di Sogni එකට." Kelly ආයෙත් පැනලා උත්තර දුන්නා.
Scarlett Kellyගෙ උඩ ඉදන් යටට බලන ගමන් "අපෝ මේ පොඩි එකීත් එනවද?"
Kelly Scarlett ට රවන ගමන් "ඕව් ඇයි එපාද?" Kelly කියලත් ගේම අත ඇරියෙ නෑ.මුන් දෙන්නම shield of justice එකට නේද වැඩ කරන්නේ. මරුවට ඇති. මරා නොගෙන හිටියොත් මදෑ.
"අපි ඔක්කොම යන්කෝ...." Rachel Scarlett දිහා බැගැ පත් වෙන මූණක් දාගෙන ඇහුවා.
"හා.... හා..." Scarlett Rachelගෙ කන් කෙඳිරියාව නවත්ත ගන්න බැරුව කිව්වා.
"කීයටද දැන් යන්නේ?" OS එයාගෙ මූණ ෆෝන් එකෙන් බලන ගමන් ඇහුවා.
"5ට විතර" මෙච්චර වෙලා කට වහන් හිටපු Kai මූණ පුරා හිනා වෙන ගමන් කිව්වා.දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.ඇති යාන්තන්.ඒත් තාම තරහින් ඇත්තේ.බලාගමුකො හවසට.
"කට්ටියම එක පාටක් අඳිමු." ඔන්න ඉතින් Jaden ආයෙ ගොන් පාට් දාන්න ගත්තා.
YOU ARE READING
I see the LIGHT(Sinhala)
Adventure📖✨ Dive into the World of Shadow Fang! ✨📖 Book name: I see the LIGHT Author: @mayumi1027 Genre: Mafia, Adventure,Romance Language : Sinhala 🌌 In the heart of darkness, where loyalty and betrayal intertwine, Shadow Fang emerges from the shadows of...