"ඇයි මැණික මට මෙහෙම කරේ...උබ දන්නවා උබ නැති ලොකයක් මට තිබ්බේ නෑ කියලා..ඒ...ඒ දැන දැන මට මෙහෙම දුකක් දුන්නේ කොහොම ද?..
ඒදා උබ මාත් එක්ක කතා කරේ අන්තිම පාරට කියලා දන්නවා නම් මාත් උබ එක්ක එනවා නේ පණ..මම පණ පිටින් මැරෙනවා කියලා උබට පෙන්නැද්ද ප්‍රමු...එක පාරක් මං උබේන් අහන්න ආස කරපු වචනේ දහ පාරක් කියලා ගියේ මාව දාලා යන්න ද?...කතා කරපන් ඔහොම ඉන්න එක නවත්තපන් යකෝ..නැගිටපන් ප්‍රමු නැගිටපන්..නැත්නම් තෝ එක්ක මාත් එනවා..උබ මං ගැන දන්නවා නේ..මාව මැරෙයි බං..."ඔව් අදට උබ මේ කාලකණ්ණියාව දාලා ගිහින් අවුරුදු 8ක්.මං මානසික ලෙඩෙක් වේලත්.උබ ලේසියෙන් ම හුස්ම අත ඇරියාට මට දැන් ම ඒක කරන්න බෑ.අර බල්ලා අපේ ජීවිතේ ට ආවේ නැත්නම් අදටත් උබ මේ මං ලග ඉන්නවා.මට ඌ විදවනවා බලන්න ඕනේ.උබත් බලා ගනින් මං ඌව පණ පිටින් මරනවා.ඌට හිනා වෙන්න් ඕනේ උනත් මං ඌට ඒක කරන්න ඉඩ දෙන්නෑ.ප්‍රමු උබ ඉන්න තැනක ඉදන් බලපන් උබ නිසා මම තිරිසනෙක් වෙලා.හොදට බලපන්.උබට ඕනේ වුනේ ඒක නේ....
මීට අවුරුදු 8කට කලින් මේ මම ස්කෝලේ යන පොඩි කොල්ලෙක්.12 වසරේ.ඔව් හැමෝට ම වගේ ලස්සන නැති උනත් කාලයක් ලස්සන වුන ආදරයක් මටත් තිබ්බා.මම 6 වසරේ ඉදන් මාගේ පණට වඩා ආදරේ කරපු කෙනෙක් මගේ ජිවිතේ උඩින් ම හිටියා...
"සංදේශ් ලියාන් ඉනුත්තර විජේවීර"
කාලයක් මං ඒ නම කියද්දිත් ගැම්මෙන් හිටියට මොකද අද මට මොකෙක් ඒ නම කිව්වත් මං ගැන ම එන්නේ කේතියක්.මහා මුසල හැගිමක්.ඒ නම ඇහැද්දිත් මීට අවුරුදු 8ට කලින් අතීතේ මං අතරමං වෙනවා...අවුරුදු අටකට පෙර....
මට ම වේලේකට හිතෙනවා මං වගේ එකෙක් A9ක් ගත්තේ කොහොමද කියලා.එක්කෝ මට වැරදිලා නැත්නම් පෙපර් බලපු එකාට වැරදිලා..අනේ මන්දා බං රිසාල්ට් එනකන් ගෙදර ඉදලා දැන් ස්කෝලෙට යද්දිත් එපා වේනවා.ගම මන්දාරම් නුවර උනාට ස්කොලේට යන්න මහනුවරට යන්න ඕනේ.අම්මලා ගමේ ස්කෝලේ පොඩි නිසා boys එකකට දැම්මට මොකද දුර තමා අවුල..