"අකේන් අයියේ....ඔන්න බලනවා...දැන් අපේ එකාට නින්ද යන්නෑ....අරූට නිදි පෙති දීලා හරි ඕකා මෙතන ඉදියි...මම දන්නැද්ද?..අපේ එකා ගැන..
"අයියේ මම රූම් එකක් බුක් කරා...දැන් ඔයාට ඒකට යන්න පුලුවන් ....මේකේ ඔයාව තියන්න බයයි අර ඉරෝශයා කඩා ගෙන ආවොත් ඌ අමු පිස්සෙක් නේ..
"හරි මල්ලි....මල්ලී මට අයියාගේ නම්බර් එක ඕනේ...
"හරි අයියේ මම දෙන්නම්...
ලියාන් ඔයා මේ මොනවා ද කරන්නේ මට බයයි....ඔය මේ සෙල්ලම් කරන්නේ සතෙක් එක්ක...පොඩි කාලේ ඉදන් ඉරෝශ් කියන්නේ පිස්සෙක්...මට වඩා හොඳට ඔයා ඒක දන්නවා..ඒ දැන දැන ඔයා මෙහෙම..
"එපා....දැන් ම වෙන ඇදුමක් දා ගන්න එපා...ඔය තෙත කොණ්ඩේ...මේ වතුර බේරෙන පපුව..., ඔය දුඹුරු පාට ඇස්......තමුසේ ගොඩාක් ලස්සනයි ලියාන්...පොඩි කාලේ වගේ ම තමුසේ මාව පිස්සු වට්ටනවා....එත් මෙන්න මේ ටැටු එකට මම පොඩ්ඩක්වත් ආස නෑ..."අකේන්.." මේ නම උබේ පපුවේ තියනවා දකිද්දී මගේ පපුව පැලෙන තරම් රිදෙනවා ලියාන්..
"ඉරෝශ්....මේ අහන්න...අපි ටිකක් කතා කරමු...හා ද?....
"ඇයි ඔයාට දැන් ම මගේ ළගට එන්න බැරි ද?....
"එහෙම නෑ බබා...තමුසේ වගේ ලස්සන එකෙක් ළගට ළං නොවෙන්න මම රහත් වෙලා නෑ....මේකයි මට සේක්ස් කරන්න කලින් පොඩික් දන්නැද්ද....පොඩි සැර දෙයක් බොන්න ඕනේ...
"සිරාවට....එහෙනම් අපි ඔයාට ඕනේ දේවල් ගෙන්න ගමු...
"හරි...බබා එහෙනම් මම ඕඩර් කරන්නම්...
"බබා....ලියාන් තමුසේ බොරුවට හරි එහෙම කියද්දී මට මාර සතුටුයි...
""කවු ද මැණික බොරු කරන්නේ...පොඩි කාලේ තමුසේ මෙච්චර ලස්සන වෙයි කියලා දන්නවා නම් මම වෙන එකෙක් දිහා හැරිලාවත් බලන්නෑ....
"ඇත්තම ද?... ඕන්න ඔයාට ඕනේ දේවල් ඇවිත්...
"යහ්හ්හ්...ඔයා බොන්නැද්ද.....
"ඕවා බොන්න ලොකු කැමැත්තක් මට නෑ ලියාන්...
"එහෙනම් මොනාද බොන්නේ...මම මිනිහා නේ මට හංගන්න දෙයක් නෑ...කියනවා..
"නෑ....ඒක.....ඒ ලේවල් කාලේ ඔයා ප්රමුට ලව් කරනවා කියලා දැන ගත්ත දවසේ ඉදන් මම ලෝකේ තියන එපාම කරන මත්ද්‍රව්‍ය වලට ඇඩෙක්ට් වුනා...දැන් මම හිතුවත් ඒවාගෙන් අයින් වෙන්න බෑ ලියාන්...මාව ගිනි අරන් මැරෙන්න එනවා...ඒක මහා කරුමයක්...මම තමුසේව අකේන්ටම දීලා ඉන්න හිත හදා ගන්න හැම වේලේකම මගේ ඇතුලේ ඉන්න සතා මාව නවත්තනවා...දන්නවා ද දැන් මගේ ආත්මෙට වඩා ඒ සතාගේ ආත්මේ මාව අයිති කරන්...ඌ ලේ දකින්න ආසයි...ඌට මිනි මරන්න කිසි බයක් නෑ..මම ඒ කරුමෙන් බේරෙන්න දවසට බෙහෙත් පෙති 30ක් විතර බොනවා...එත් මට ඒවා ගහන්නම ඕනේ....අනිත් උන් රෑට නිදා ගද්දී මම රෑට ඇහැරන් ඉදලා උදේට නිදා ගන්නවා..ඒක මහා කරුමයක් බං...ආදරේ නිසා මම ඒ කරුමේ උරුමයක් කරන් දවස ගානේ මැරෙනවා...මේ දැනුත් මම ඉන්නේ ඒවා නිසා...