අවුරුදු ගානක් මම උබ නැතුව හිටපු හැටි දන්නේ මම විතරයි ලියාන්...මම මගේ පණටත් වඩා ආදරේ කරපු කෙනාව මට ලේසියෙන් අත අරින්න පුලුවන් කියලා කවුරු හිතුවත් මම ඔයාට ආදරේ කරේ අත අරින්න නෙවෙයි ලියාන්...එදා මම රට යන්න හදලාත් මට උබව දාලා යන්න බැරි නිසා මම ඒ ගමන් නැවතුනා...
එත් මම හිතුවේ නෑ එදා මම කරපු දේ නිසා අද ඔයාටයි මටයි මෙහෙම විදවන්න වෙයි කියලා.. අයාන්... මම හිතුවේ ඌ නැති උනාම අපි දෙන්නාට සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා...එත් ඉරෝශ් කියන එකා මට කලින් අයාන්ව මරලා මට උබ ළගට ළං වෙන්න බැරි විදිහට මාව හිර කරලා....
එදා ඔයා හුස්ම ගන්න බැරුව දගලද්දී මම ඒක බලාගෙන පිච්චුනා ලියාන්..මට ඔයාව ඕනේ උනත් ඒක කියන්න බැරි තරම් මම අසරණ වෙලා...මම මේ ගේ ඇතුලේ අපේ මතක එක්ක ජීවත් උනා...අදටත් මම උබ ඇර වෙන එකෙක්ට මට අත තියන්න දීලා නෑ...දන්නවා ද මම කී පාරක් ඔයයි අපේ කයෙශ් දිහයි හොරෙන් බලන් හිටියා ද කියලා..මට පුලුවන් හැම වේලේකම මම කරේ ඔයාලාදිහා ඈත ඉදන් බලන් ඉදපු එක..
"සුදු පුතේ....
"කියන්න...නැන්දේ....
"කවුද මහත්තයෙක් සුදු පුතාව හම්බ වෙන්න ඕනේ ලූ....මම මොනා කිව්වත් ඒ කොල්ලා යන්නෑ පුතේ....
"හරි නැන්දේ ..මම බලන්නම්...
"ලි....යාන් ඔයා ...මම ඔයාට කිව්වා නේ...ඇයි මෙහෙම කරන්නේ ඔයා..
"කට.....ඇතුළට ගිහින් කතා කරමු...හා ද?
""අනේ සුදු පුතේ....මේ කවුද මේ....අනේ මගේ සුදු පුතාව අත ඇරපන් මිනිහෝ...
"නැන්දේ මේ මගේ මහත්තයා....නැන්දා දැන් ගෙදර යන්නකෝ....බය වෙන්න දෙයක් නෑ..නැන්දේ මේ මිනිහාට මාව වඩා ගන්නැතුව නින්ද යන්නෑ...
"හරි සුදු පුතේ...
මේ මෝඩයා ඒ කාලේ වගේම එපා කියන දේමයි කරන්නේ..අර මනුස්සයත් බය උනා.අර මිනිහා දැක්කනම් මොනා වෙයි ද?නාකි වෙලත් ලැජ්ජ නෑ
"මාව බිමින් තියන්න ලියාන්...
"මට බෑ......
"කිව්වාම මාව බිමින් තියනවා ලියාන්..