💫DESTINY( CHAPTER 22)💫

1.6K 265 342
                                    

ඔයාට බෑ ඔයාටම වෛර කර ගන්න...😥💔..ඔව් ඔප්පා..... ජීවිතේ මටයි ඔයාටයි වෙන්න තියෙන,මූණ දෙන්න තියෙන එපා කරපුම දේ....ඔයා...ඔයා තමයි ජන්ග්කුක්....ඔයයි මගෙ අයියා.......

...
...
...
...
...

හදවත නැවතුනා වගෙයි දැනුනෙ කොල්ලට...දරාගන්න පුලුවන්ද ඒ හැගීම...තමන්ගෙ එකම ආදරේ..තමන්ගෙ මුලු ජීවිතේම උන කෙනා...තමන්ගේ අනාගතේ ගැන හීන දැක දැක..ඒවා එකින් එක ගොඩනගන්න ජීවිතේට එකතු කර ගන්න ප්‍රාර්ථනා කරපු කෙනා...තමන්ගෙ හදවතේ එකම අයිතිකාරි.......හිත පිරෙන්න ආදරේ කලා ජන්ග්කුක් ජස්මින්ට හදවතින්ම නෙවෙයි මුලු ආත්මයෙන්ම..

හිත පිරෙන්න ආදරේ කලා ජන්ග්කුක් ජස්මින්ට හදවතින්ම නෙවෙයි මුලු ආත්මයෙන්ම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවුරුත් නොදන්නවා උනාට කොල්ලා හීන කන්දක් දැක්කා අනාගතේ ගැන...

පැත්තක තියෙන හුදකලා පරිසරේක චූටි ගෙයක් හදන්න..
ඒ ගේ ඉස්සරහ අයිනට වෙන්න සකුරා පැලයක් හිටවන්න..
රතු පාටිනුයි, කලු පාටිනුයි මුලු ගෙදරම පේන්ට් කරන්න..
රෑට රෑට කෙල්ල එක්ක හොරර් ෆිල්ම් එකක් බලන්න..
කෙල්ලත් එක්ක තරගෙට ගේම් ගහන්න...
ජිම් ගිහින් කෙල්ලව පිට උඩ තියාගෙන ඩිප්ස් ගහන්න..
එක එක කෑම ජාති හදලා ගේ ඉස්සරහ කෑම්ප් ගහගෙන අහසෙ පායපු තරු ගනින්න..
වෙරි වෙන්නම කෙල්ලට බොන්න දීල කෙල්ල කියවන ඒවා වීඩියෝ කරන්න....
වහින දවසක වැස්සෙ තෙමි තෙමී අත් අල්ලගෙන පාරෙ ඇවිදින්න...
ජීමිනී දීපු කැමරාවෙන් එක එක විකාර පොටෝ අරන් බිත්තියෙ අලවන්න...
කදුලු එන තරමට සැර කෑම කාල තරගෙට දෙන්නත් එක්ක පැණි රස කන්න...

මේ හැමදේම ගැන කොල්ලා ප්ලෑන් කලා..ඒ හැම එකම හරි අහිංසක පුංචි ප්‍රාර්ථනා....රෑට රෑට ඩයරි එක පිරෙන්න ජන්ග්කුක් ඒ හැම දේම අකුරු කලා හැමදාම....පුංචි හිනාවකුත් මූණෙ රදවගෙන..පෑනත් හප හප ඉදල මේසෙ උඩම ඩයරි එක උඩ කොල්ලට නින්ද ගියා අනන්තවත්...ඒත් එහෙමයි කියලා ඒ හීන අකුරු කරන එක එයා නැවැත්තුවෙ නෑ..

🍃💜I NEED U💜🍃(COMPLETED)Where stories live. Discover now