🖤ACCIDENT🖤(CHAPTER 13)

1.7K 271 575
                                    

ජීමිනා ....නවත්තපන්..

බෑ හියුන්...මට මූට දෙයක් කියා දෙන්න තියෙනව...

තරහටද මන්ද ජින් කියපු දේවත් අහන්නැතුව ජේකේගෙ කොලර් එකෙන් අල්ලගත්ත ජීමින් ඇදගෙන ගිහින් කොල්ලව බැල්කනියට හේත්තු කලා..

හි..යු..න්..

ජේකේට දැන් ලාවට හුස්ම ගන්නත් බෑ..ඒ වගේම බය වෙලා..මොකද කොල්ල කවදාවත් ජීමින්ට මේ තරම් තරහ ගිහින් ඉන්නව දැකල නෑ..

මොකද්ද උඹ ඇහුවෙ..උඹ මොකද්ද කලේ කියලද..ආ..මොකද්ද කලේ කියලද..ඇයි උඹට මතක නැද්ද කරපු දේ දැන්..

හියු..කට වහන් අහන් ඉදපන්..නැත්තන් කවදාවත් උඹට උස්සපු නැති මගෙ අත උඹේ කම්මුල හරහා යයි ජේකේ..

ඒ වචන ටික හින්දම ජේකේ අමාරුවෙන් හරි ජීමිනා කියන එක අහන් හිටියා..

මොකද්ද උඹ කල ඒ කැත වැඩේ ආ..අච්චර පොඩි දේකට උඹ මෙතන කැ ගැහුවෙ එකෙක්,දෙන්නෙක් මැරුණා වගේනේ..අනික අනික උඹට උඹේ කුමාරිකාව ගැන ඔච්චරම විශ්වාසද..අර ඔහාරා ගැන..

නෝන්ඩියට කට පැත්තකට කරන ගමන් හිනා උන කොල්ලා...

හොදට මතක තියා ගනින්..උඹ දන්නෙ නෑ ජස්මින්ගෙ තත්වෙ? උඹට උදව් කරන්න බැරි වෙන්න හේතු කන්දක් වගේ ගොඩ ගැහිල තියෙද්දිත් ඒ කෙල්ල උඹේ උදව්වට හැම දේම කලා..හැම දේම..උඹ කියන කියන හැම දේම..ඒත් උඹ මොකද්ද කලේ..

කොල්ලට දැන් පුදුම තරම් කේන්තියි..ජස්මින් දැන් ටිකකට කලින් බිම දණ ගහගෙන අඩපු විදිහ ජීමින්ට සැරින් සැරේ මතක් වෙනවා..අනික ජීමීන් හොදටම දන්නවා ඒ වගේ අමාරුකම් තියාගෙන ජස්මින් කුකීට උදව් කරන්න කැමති උන එකත් ලොකු දෙයක් කියල..එහෙම තියෙද්දි ජේකේ අද ඒ කෙල්ලට කතා කරපු විදිහ අන්තිම වැරදී..

ජීමිනා දැන් ඇති..මොකුත් හිතා ගන්න බැරුව නම්ජුනුත් ජීමින්ව නවත්තන්න හැදුවත් තමන්ගෙ දකුණු අත නම්ජුන් දිහාට දික් කරපු ජීමින්..

Please... පොඩ්ඩක් ඉන්න හියුන්..මට කතා කරන්න දෙන්න..නැත්තන් තියෙන තරහට මන් මූට දෙකක් අනියි..මන් හිතන්නෙ ඊට වඩා කතා කරන එක හොදයි කියල..ඒ හින්ද මට පොඩ්ඩක් වෙලාව දෙන්න..

🍃💜I NEED U💜🍃(COMPLETED)Where stories live. Discover now