තවත් ලස්සන දවසක්..සතියේ දවසක් හින්දද මන්ද උදේ පාන්දර ටවුන් එකේ තිබුනෙ පුදුම කලබලයක්..එදිනෙදා වැඩ ටික කරගන්න එහාටයි මෙහාටයි මිනිස්සු යන්නෙ වයින් කරපු බෝනික්කෝ වගේ..ඒ මදිවට බස් හෝල්ට් එකෙත් සෑහෙන්න සෙනග..
ඒත් ඒ අතර ඉන්න එක ගෑණු ළමෙක්නම් සැරින් සැරේ අතේ බැදල තියෙන ඔරලෝසුව දිහා බලන ගමන් ඇස් දෙක හතර වටේ කරකවන්නෙ...ඔව්..කවුරුහරි එනකන් වෙන්න ඕන..🤔🤔කකුල් දෙකේ දාන් ඉන්න සපත්තු දෙකෙන් පොලොව පතුරු ගහන ගමන් කෙල්ල ආය වට පිට බලනවා..
විනාඩි දහයෙන් පට ගාල එනව කියල පෝන් එකට මැසේජ් එකක් දාපු මනුස්සයා විනාඩි විස්සක් තිස්සෙ පොල් ගානවද කියලයි කෙල්ල බලන්නෙ..
ඇත්තටම මෙයාට මොකක් වෙලාද..? ආෂ්...නැත්තන් මගෙ ඔරලෝසුවෙ අද කටු කැරකෙන්නෙ හිමින්ද මන්ද..?
ඔහොම හිත හිත ඉන්න අස්සෙ කෙල්ලගෙ ඇස් එක පාරට උඩ ගියේ ඈතින් එන කොල්ලො තුන් දෙනෙක්ව දැකලා..
අනේ...මේ වෙලාවටම මොකද මෙයාලත්..😥😥..
කෙල්ලට දැන් ඇඩෙන්නත් වගේ..පේන විදිහට ඈතින් එන කොල්ලො තුන් දෙනත් කෙල්ලව දැකල වගේ..
කෙල්ල දැක්ක විතරයි අඩියට දෙකට කෙල්ල ගාවට හෙන මනමාල හිනාවකුත් දාන් ආපු ඒ කොල්ලො තුන් දෙනා අතර ,වැදගත් පෙනුමක් තිබ්බ හැන්ඩ්සම් කොල්ල කතා කරන්න පටන් ගත්තා..ඕහ් my angel.. කොහෙද මේ යන්නෙ..කවුරුහරි
එනකන් වගේ....මොකෝ යාලුව එනකන්ද? හරි ඉතින් එතකන් මාත් එක්ක පොඩිඩක් කතා කරමු..අවුලක් නෑනෙ..😌එහෙම කියපු කොල්ලා අනිත් කොල්ලො දෙන්නට ටිකක් එහාට යන්න කියල අතින් සන් කලේ කෙල්ලගෙ මූණට එබෙන ගමන්..
..වාව්..අද නම් වෙනදටත් වඩා ලස්සනයිනෙ ඔයා..අනේ මන්ද..ඇත්තටම ඔයාගෙ fashion එච්චර කොලිටි නොවුනත්..මොකක් ඇන්දත් මාර ලස්සනයි කෙල්ල..😍😍.. angel කෙනෙක් වගේමයි..
ලස්සනට ඇදල ..ගත්තනම්..ඕහ්..මට ෂුවර් ඔයා තරම් ලස්සන කෙනෙක් හොයා ගන්න බැරි වෙයි කොරියාවෙන් නම්...එහෙම කියන ගමන්ම කොල්ල තවත් කෙල්ලගෙ මූණට එබෙන්න ගත්තා..
කෙල්ලට නම් දැන් දාඩියත් දාලා..කකුල් දෙකත් ලාවට ගැහෙනව කෙල්ලට දැනෙනව..
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
عشوائيShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...