පාසි බැදුන වගේ මීදුම් බාලා තිබ්බ වටපිටාව දැන් වෙනස් වෙලා...යන්තමට ඉර මුදුන් වෙලා නිසා පලාතම අලුත් බලාපොරොත්තුවකින් වගේ එලිය වෙලා වගේ....
පාර්ක් එක අයිනට වෙන්න කාර් එකත් නතර කරගෙන ,කාර් එකේ බොනට් එකටත් හේත්තුවක් දාගෙන කෙල්ලෙක් බර කල්පනාවක...
White colour blouse එකට උඩින් අදින හිරට ඇදපු කලු කෝට් එක,black ඩෙනිමට ගැලපෙන විදිහට දාපු උස ෂූස් දෙක..ඇත්තටම කෙල්ලට තිබ්බෙ ඕනි කෙනෙක් දෙපාරක් හැරිල බලන වීදිහෙ ඩීසන් ලුක් එකක්....
ඒ හින්දමද මන්ද ,ඒ වෙලාවෙ පාරෙ එහාට මෙහාට යන හැම මනුස්සයම කෙල්ල දිහා හැරි හැරී බලන්නෙ..
කල්පනා ලෝකෙක අතරමං වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන කල්පනා කරන කෙල්ලට නම් ඕවා ගානක් උනේ නෑ...
කෙල්ල හිටියෙ අතරමං වෙලා...ඒත් කොහෙද? පාරෙද? නෑ...නෑ..තමන්ගෙම අතීතෙ අස්සෙයි කෙල්ල ගව් ගානක් දුර ගිහින් අතරමං වෙලා හිටියෙ....💔💔
අවුරුදු හතරක්...හ්ම්...ඔව්...ඒක ලොකු කාලයක්.........කෙල්ල ඒ කාලෙ ගැන මතකය අවදි කරනව..ඇත්තටම මතක් කරනව නෙවෙයි..කෙල්ලට මතක් වෙනව...
කෙල්ල අඩනවද? නෑ....
හිනා වෙනවද?..ඒත් නෑ...ඔව්..වෙලාවකට ඇස් වල ලොකු කදුලු කැට දෙකක් හිර වෙලා තියෙනව..ඒත් ආයෙත් ඒ දිලිසෙන ඇස් වලින්ම කෙල්ල හිනා වෙනව...🙂💔
අතීතය.....කෙල්ලගෙ අතීතය සුන්දර නෑ...ඒත් ඒ අසුන්දර ජීවිතය අස්සෙ පුංචි පුංචි තැන් තිබ්බ කෙල්ලට සතුටු වෙන්න පුලුවන් විදිහෙ..හිනාවකින් මතක් කරන්න පුලුවන් විදිහෙ.....මහ ගොඩක් නැති උනත් ඒ මතක කෙල්ලට ජීවත් වෙන්න ශක්තියක් උනා...මහ පුදුම විදිහට....
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
De TodoShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...