______________🐿🐿🐿________________
පැත්තක කැඩුන වයින් ග්ලාස් එකක්...කාමරේ මැදට වෙන්න පොලේ ගහපු වයින් බෝතලයක්...පුටු උඩ තැනින් තැන විසි කරපු රෙදි,කොට්ට,පොත්, පෑන් හැම තැනම.....ඒ අතරෙ කාමරේ කොනක තිබ්බ ඇදේ සපත්තු දෙක පිටින්ම නිදා ගෙන හිටියෙ කොල්ලෙක්.."ට්රින් ට්රින්..."
එක පාරට පෝන් එක කෑ ගහන්න පටන් ගත්ත හින්දම ගැස්සිලා ගිහින් ඇහැරුන කොල්ලා ඇස් දෙකත් පොඩි කර කර එහා මෙහා අත යවල හොයා ගත්ත පෝන් එක ආන්සර් කරල කනේ තියා ගත්තෙ කතා කලේ මොකාද කියලවත් බලන්නැතුව..
" හෙලෝ.."
" ජන්ග්කුක්...කොහෙද ඉන්නෙ? මම මේ ලන්ඩන් එන්න එයාපෝට් එකට එන ගමන්.. "
" මොකක්? මොකටද? ඇයි මට කතා කලේ ? මම ඉන්න දිහා ඔයාට මොකටද?"
එක පාරට කටහඩ ඇහුන විතරයි කෙලින් උන කොල්ල කියවගෙන කියවගෙන ගියේ තිබ්බ අකමැත්තට..
" ඔහොමද තමුන් තමන්ගෙ තාත්තට කතා කරන්නෙ ජන්ග්කුක්? මම එන්නෙ ජීමින්ව හම්බෙන්න..ඔයත් ලන්ඩන් ආව නිසයි කතා කරල බැලුවෙ..තමුන් ඔයිට වඩා තමුන්ගෙ අනාගත බිරිද ගැන හොයල බැලුවොත් නරකද..ඔහාරාගෙ කෝල්ස් ආන්සර් කරන්නෑලු..එයාව මූණට හම්බූන්නෑලූ..ඒ කෙල්ලෙක් ජේකේ...ලන්ඩන් ආවෙත් ඔයා නිසා එයා.. පොඩ්ඩක් හොයල බලන එක යුතුකමක් නෙවෙයිද ආහ්?"
" ඔච්චර අමාරුවක් තියෙනවනම් බොඩි ගාඩ් කෙනෙක් දාල දෙන්න එපැයි..ඔයිට වඩා කරන්න වැඩ මට ඕන තරම් තියෙනව අප්පා"
" මොනවද වැඩ? අපාට්මන්ට් එකට වෙලා බේබද්දා වගේ බොන එකද?"
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
De TodoShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...