💜THE TRUTH 💜(CHAPTER 24)

1.5K 253 295
                                    

🍃🍂FLASH BACK 🍃🍂

කකුලක් පිට කකුලක් දාගෙන ලොකු building එකේ dancing room එකේ පැත්තක තිබුන පුටුවක ඉදගෙන හිටියෙ කොට කොල්ලෙක්...

තවත් එකෙක් මිරර් එක දිහා බලාගෙන එහාටයි මෙහාටයි වැනෙනව..

පුටුවෙ ඉදගෙන හිටිය එකා නම් පෝන් එකෙන් ලොකූ වැඩක්...ඒ දිහා තමන් ඉස්සරහ තියෙන මිරර් එකෙන් බලා හිටපු අනිත් කොල්ල ,අර කොට කොල්ල දිහා විරිත්තලා බැලුවෙ කේන්තියෙන්..

" පැයක විතර ඉදන් මූ මේක අස්සෙ...ඒ මදිවට පෝන් එකත් බදාගෙන...මූ මාව හම්බෙන්න ඇවිත් පෝන් එකනෙ යකෝ කඩාලන්නෙ.... දෙපාරද මන්ද practice කලේ...? හහ් හේවොන් එක්ක කතාවක්වත්ද? නෑ වෙන්න බෑ...? ඒ කෙල්ලටත් මේ වෙලාවට dance practice නෙ..එතකොට මූ මොකා එක්කද මෙච්චර වෙලා කතාව....?🤔🤔🤔.."

හෝසොක් ,ජීමින් දිහා බලාගෙන රටේ නැති ඒවා හිතනව...ජීමිනුත් ඒ කිසි දෙයක් දැක්කෙ නෑ වගේ දැන් පැයක විතර ඉදන් ලොකු චැට් එකක..

" මට දැන්ම ඒ details ටික මේල් කරන්න.. මම පොරොන්දු වෙනව ඒවා පිට යන්න දෙන්නෑ කියල..උඹට පුලුවන් මාව විශ්වාස කරන්න.. මේ පාරට විතරක් මට උදව් කරපන්.."

අන්තිමට චැට් එක අවසානයේ ජීමින් චැට් එකේ හිටපු එකාට යැව්වෙ ඔහොම...

පෝන් එකත් සාක්කුවට දාගෙන අත් දිගට ඇදල හිටිය ජැකට් එකේ අත් දෙකත් ලාවට නවා ගන්න ගමන් කොන්ඩෙත් අතින් අවුස්සගෙන පුටුවෙන් නැගිට්ට ජීමින් හැදුවෙ ආයෙත් dance practice කරන්න..

ඒත් ඒ එක්කම වගේ හෝසොක් කතා කලා..

" උඹ දැන් ඔය නැගිට්ටෙ practice කරන්නද?"

" ඔව් හියුන්..ඇයි...?"

" දැන් උඹට ඒකට වෙලාවක් තියෙනව වගේ පේනවද ජීමින්..."

" ඇයි.."

" ඇයි අහන්නෙ ...උඹ මෙතන පැයක විතර ඉදන් චැට් එකේ...හහ්..උඹ පැයක් රෙස්ට් කරල විනාඩි තිහක් practice කරන්නද යකෝ ආවෙ..? උඹට අමතකද අද ජින්ගෙයි සේහාගෙයි weeding anniversary එක..රෑට එහෙ පාර්ටි එක යකෝ..."

"ආහ්....සො...සොරි හියුන්..අ..අමතක උනානෙ "

" සොරි?... සොරි තමා.... දැන් ඉදින් apartment එකට ගිහින් රෙස්ට් කරපන්...ඒ කරලා හවස වරෙන්..චැට් කරල මාර මහන්සිත් ඇතිනෙ උඹට.."

🍃💜I NEED U💜🍃(COMPLETED)Where stories live. Discover now