(මෙහි එන නම් , ගම් , සිදුවීම් , ස්ථානයන් හා , චරිත සියල්ලක්ම හුදෙක් මෙම නිර්මාණයේ අලංකරණය සදහා පමණ යොදාගත් මනංකල්පිතයන් බව කරුණාවෙන් සලකන්න ...)
මෙන්න දෙවියනේ මන් Odition select වෙලාලු.එක්කෝ මට පිස්සු නැත්නම් ඔඩිෂන් එකේ judge board එකේ හිටිය සර්ලට පිස්සු...අම්මේ මෙන්න ඔයාගේ පුතා තේරිලා
මං කෑ ගහගෙන කැෆේ එකේ උඩටයි පහලටයි දුවන්න ගත්තා කැෆේ එකේ මිනිස්සු මන් දිහා බැලුවෙ පිස්සෙක් කූඩුවෙන් පැන්නාම ඒ පිස්සා දිහා බලනවා වගේ . තාම මගේ කතාව පටන් ගත්තේ නෑ ...ඔන්න දැනුයි මගේ කතාව පටන් ගන්නෙ ...මගෙ නම Chan . අම්මත් එක්ක ජේජු වල තමයි මන් දැනටනම් ඉන්නෙ . ඒත් ඉක්මනටම සෝල් වලට යන්න වෙයි වගේ.ඇයි දෙයියනේ මෙන්න මන් ඔඩිශන් පාස් වෙලාලු ... ජේජු කියන්නෙ ලස්සන තැනක් එතන දාලා යන්න වෙන එකටනම් දුකයි. ජේජු වල 69ලක්ෂයක් ජනතාව ඉන්නවා ඒත් ඒ හැමෝටම වඩා මන් වෙනස් කෙනෙක් කියලයි මන් හිතාගෙන ඉන්නෙනම්.😂 මගේ තාත්තයි අම්මයි Divorce උනාට පස්සේ අපි ජේජු වලට ආවා . ඇවිල්ලා පොඩියට කැෆේ එකක් පටන්ගත්තා. ඒත් දැන් ඒක පොඩි නෑ "4You cafe " එක කියන්නෙ ජේජු වලට පය තිබ්බ ගමන් හැමෝටම හම්බවෙන අපේ පුංච් ලෝකෙ . මුලින්නම් ගොඩක් අමාරු කාලයක් අපි ගෙවුවත් දැන් කැෆේ එකට පිංසිද්ද වෙන්න අපි හොදට ඇදලා , කාලා , බීලා ඉන්නවා . අපේ කැෆේ එකේ දැනට අක්කලා 3 දෙනෙකුයි අයියලා 2නෙකුයි වැඩ කරනවා..Hyung ලා දෙන්නාගෙන මන්නම් ගොඩක්ම කැමති ජුන් හියුන්ට , මිනිගි හියුන් පොඩ්ඩක් සැරයි ඒත් මිනිහා මාර දක්ශයි .සේරා noona , ජීසූ noona , ජිංසෝ noona එයාලනම් මාර කියුට් 😂 මොනවා වුනත් මට හරි ආදරෙයි...අවුරුදු 7 ඉදන්ම මට ඕනි වුනේ Idol කෙනෙක් වෙන්න. මන් පිස්සුවෙන් වගේ හැම ඔඩිෂන් එකකටම ගියා එකක්වත් මගඇරියේ නෑ . ඒත් ඒ හැමඑකකින්ම කිවුවේ පුතේ ඔයාගෙ වයස මදි , එක්කෝ ඔයාගේ High pitch අන්තිමයි , ඔයාට සිංදු කියන්න පුලුවන් කියලා ෂුවර්ද කියලාත් මගෙන් අහපු එවුන් හිටියා...හැම ඔඩිෂන් එකක්ම ෆේල් වුනා විතරක් නෙමෙයි අහල පහල එවුනුත් මට හිනා වුනා. ලස්සන මූනක් තිබ්බ පලියට Idol කෙනෙක් වෙන්න බෑ කියලා😂😂 ඒත් ඔන්න අන්තිමට vivo entertainment එකේ ඔඩිශන් එක මන් පාස් වෙලා . විශ්වාස කරන්නත් බෑ .. මට යන්තන් අවුරුදු 20 සම්පූර්ණ වුනා විතරයි. ඔන්න දැන් මට තියෙන්නෙ අවුරුදු 2ක් train වුනා boy group එකක Debut වුනා. හරිම සිම්පල්...කොල්ලා දක්ශයා කියන්නේ ඒකනේ ..
YOU ARE READING
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
Fanfictionහැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනව...