..Who am i..?(04)

207 51 1
                                    

කිසිම ප්‍රශ්නයක් නැතුව කැෆේ එකේ වැඩ ඉවර උනා. හරියට 11 වෙද්දි මන් ආපහු dorm එකට එන්න පිටත් උනා.. මන් එන අතමගදි මන් දැක්කේ හිතාගන්නවත් බැරි දෙයක්.. ලොකු කාර් එකක් ඇවිත් නතරකලේ මන් බස් එකට නගින්න එද්දිම බස් හෝල්ට් එක ගාව. ඒ කාර් එකෙන් බැස්සේ ජැම් ජැම් ... එයා කාර් එකෙන් බැහලා බස් හෝල්ට් එක ගාවට ඇවිදන් ගියා... කාර් එක ඩ්‍රයිව් කරපු කෙනාව මන් අදුරගත්තා ... ඒ වෙන කවුරුත් නෙමෙයි අර ගල් මූසලයා wayo ... වායෝ මොකද ජැම් ජැම්ව කාර් එකේ දාගෙන රවුම් ගහන්නේ...පාර අයිනේ තිබ්බ ගහකට මුවා වෙලා මන් බලන් හිටියේ ජැම් දිහා මිනිහා ලොකු අවුලකින් වගෙයි හිටියෙ. මූනත් එක්ක මැලවිලා ගිහිල්ලා...ඊලගට ආපු බස් එකේ ජැම් නැග්ගා... මන් පයින්ම Dorm එකට එන්න පිටත් උනා... ඒ අස්සෙත් මට තාමත් හිතාගන්න බැරි මේ ජැම් ජැම් කවුද කියලා... මොකද්ද මෙයාට වායෝ එක්ක තියෙන සම්බන්දේ... වායෝ දකින හැම පාරම ජැම්ගෙ මූන අවුල් යනවා... වායෝ නිකන් ජැම්ව යටත් කරන් ඉන්න හදන සීන් එකක් මටනම් තේරෙන්නේ...ජැම් ගෙන් ඇහුවත් වැඩක් නෑ මූ කියන්නෙවත් නෑ මට .. අනිත් එක මන් මොකටද එයාගේ ජීවිතේට ඇගිලි ගහන්නේ....මන් ඕවා හිත හිත කෙලින්ම කාබරේටත් ගියා.. මන් යද්දි අර යකා ඇදට වෙලා ඉන්නවා😁
"කෝමද ජොබ් එක ෆිට් ද ??
"ඔව් ඔව් ශේප් අවුලක් නෑ...ජැම් උබ මේකේ ඇතුලෙමද හිටියෙ කොහෙවත් ගියේවත් නැද්ද බන්... ?
මන් ඒහෙම ඇහුවේ ජැම් මොන වගේ උත්තරයක් දෙයිද කියලා බලාගන්නත් එක්කයි..
"ඔව් කොහේ යන්නද මන් දවසම නිදාගත්ත එකයිකලේ...
"හා හා ..  මන් wash එකක් දාගෙන එන්නම්
එහෙම කියලා මන් wash room එකට ගියා. ඒ පාර ජැම් දැන් මට බොරුත් කියනවා... කමක් නෑ ඉතින් මන් උගේ කවුද ඌට මොකක් හරි හේතුවක් ඇතිනේ ඒකයි ඕම කරනව ඇත්තේ..
මන් wash දාගෙන ආවම අපි දෙන්නා එක්ක කයියක් දාගෙන ඇදට වෙලා හිටියා දවල් කෑමටත් තව වෙලා තියෙන නිසා... දැන්ම බඩගිනිත් නැති නිසා... ජැම් මන් දිහා කෙලින් බැලුවෙම නෑ... ජැම් ගෙ මේ හැසිරීම වෙනස් කරන්න ඕනි නිසා මන් රෝස් ව ඇදලා ගත්තා මැද්දට ... අපේ මතෘකාව වුනේ ඊට පස්සේ රෝස්.. රෝස් ගැන කිවුවා විතරයි ජැම්ට ඊට වඩා දෙයක් නෑ ඉතින්.. මිනිහා රෝස් ට මාර විදියට කැමත්තෙන් හිටියේ.. ඊට පස්සෙ අපි දවල්ට කාලා Vivo එකට ගියේ අපිව හදිස්සියෙ කැදවලා තිබ්බ නිසයි

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now