හෙට උදේ 8ට Dance practise , 1 ට දවල් විවේකය... ආපහු හවස 6ට vocal training 8ට ඒක ඉවරයි.... හ්ම් දැන් ඉතින් හෙට ඉදන් පාර්ට් ටයිම් වැඩ කරන්න කැෆේ එකක් හොයාගන්න ඕනි...
මේ පාර Vivo entertainment එකෙන් තොරගත්ත පිරිමි ලමයි අපි ඔක්කොමලා graduate වෙලා ඉවර වුනු අය.එක් කෙනෙක් ඇරෙන්න. ඒ නිසා අපිට ස්කෝලෙ යන ප්රශ්නෙ නම් නෑ...ඒත් මන් දැක්කා dorm එකට එනකොට පිරිමි ලමයි දෙන්නෙක් ඒ ලමයි තාම graduate වෙලා නැති නිසා යුනිවර්සිටි යන්න ඕනී...අනේ දෙයියනේ ඒ ලමයි කෝමද මේවා කරන්නේ ස්කෝලේ යන්නයි , ප්රැක්ටිස් යන්නයි එපා වෙනවනේ....ජොබ් එකක්නම් කරන්නෙ නැතිව ඇති... අම්මලා ගෙදරින් සල්ලි එවනවා ඇති.. ඒත් මට නම් අම්මගෙන් ඉල්ලන්න බෑ.. පාර්ට් ටයිම් වැඩ කරන්න කැෆේ එකක් හොයාගන්න ඕනී...අම්මා නම් කිවුවා වැඩ කරන්න එපා කියලා ඒත් ඒම කරන්න බෑ... මන් නෙට් එකේ සර්ච් පාරක් දාලා කැෆේ එකක් හොයගත්තා. හෙට වැඩ ඉවර වුනාම ඒකට ගිහින් බලන්න ඕනී....ජැම් මා එක්ක එකතු වෙලා අපි අපේ ඇදුම් අස් කලා.. දවල්ට කන්න පහලට ගිහින් කැෆෙටේරියා එකෙන් හොදට කාලා ආපහු කාබරේට ආවේ මහන්සි නිසයි... හෙට ගියාම ආපහු ප්රැක්ටිස් තියෙන්නෙ අනිද්දා නෙමෙයි ඊට පස්සෙ දවසේ .. ගොඩක් වෙලාවට අපිට වෙලාව වැටුනේ එහෙම.. දවසක් ඇර දවසක් වගේ...ඒ අතරතුර පැය 4ක් වගේ මන් පාර්ට් ටයිම් වැඩ කරන්න පුලුවන්. සෝල් වල පාර්ට් ටයිම් පැය 4ක් වැඩ කරත් හොද ගානක් හොයාගන්න පුලුවන් .. දියුණු වෙන්න හොද නගරයක් තමයි සෝල් කියන්නේ...
ඊලග දවසේ උදේම මම නැගිටලා wash දාලා ලෑස්ති උනේ Vivo එකට යන්න... ජැම් එක්ක ටක් ගාලා ලෑස්ති වෙලා උදේට කාලා අපි කාබරෙන් එලියට බැස්සා... උදේට යුද්දයක් වගේ කොල්ලෝ එහෙට මෙහෙට දුවනවා... ස්කෝලේ යන්න පොරකනවා... කොල්ලන්ගෙ dorm එකක තරම බලන්න ඒකේ නතර වෙන්නම ඕනී ඉතින්...කාබරෙන් එලියට ආවම තමයි අපිට අපේ badge එකේ අනිත් කොල්ලෝ ටික සෙට් වුනේ.. අපි කතා කරලා අදුර ගත්තේ ඔන්න දැනුයි... එතන හිටියා එක පිරිමිලමයෙක් එයාත් මන් ගිය high school එකකටමයි ගිහින් තියෙන්නෙ . Kirin art high school... එයාගේ නම Jin ki මිනිහත් හොදයි... උස මහතයි ... හැබැයි ජැම් තරම්ම හැන්ඩ්සම් නෑ... එතන හිටිය කොල්ලෝ එක්ක ජැම් ව සසදන්න බෑ... ජැම් හොද පෝසත් පවුලක කොල්ලෙක් කියලා හොදට පේනවා... ජැම් එදා අර ඇවිත් බැස්ස කාර් එක .. ඒකෙන්ම පේනවා ජැම් මොන වගේ කෙනෙක්ද කියලා... ඇත්තටම මේකා කවුද අනේ... ?? Ceo ගෙ පුතා 😂😂 මට සිහියට එන්නෙම ඕක තමයි...ජින් කී , ජැම් , මන් අපි තුන්දෙනා කයියක් දාගෙනම ආවා vivo එකට පයින්ම . එක කොල්ලෙක් බයික් එකේ ආවා... සමහර අය පයින් ආවා...සමහර අය කැබ් වලත් ආවා එයාලගෙ ලොකු කම් පෙන්නන්න වෙන්න ඇති... ඒත් මෙච්චර සල්ලියක් තිබිලත් ජැම් අපිත් එක්ක පයින් ගෑටූවා.. මහ දුරක් නැති උනත් ගොඩක් අය උදේ ඇවිදින්න කැමති වුනේ නෑ.. උදේම තියෙන්නෙ ඩාන්සිංග් නිසා...අපි හැමෝම ගියේ trainig room එකට ... මන් හිතන්නෙ අපි පරක්කු වෙලා . ඔව් 8.30ටත් කිට්ටුයි... යේරි ෂී අපි දිහා බලන් හිටියා කිසිම දෙයක් නොකියා... කොල්ලෝ ටිකත් මූනට මූන බලාගත්තා... ඒ එක්කම එකපාරටම ඇතුලට ආවේ wayo .. Maxstep boy group එකේ lead Dancer , main dancer වගේම sub vacal තමයි wayo කියන්නේ... එයාව දැක්කා විතරයි අපි තවත් බය වුනා...
YOU ARE READING
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
Fanfictionහැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනව...