එදා රෑ කෑම කෑවත් ඒවා උගුරෙන් පහලට ගියේ නෑ වගේ.. නිදාගන්න ගියත් නින්ද ගියේ නෑ..මන් ලොකු කල්පනාවකට වැටුනා...ඒ කියන්නෙ හරියට බැලුවොත් මේ entertainment එකට ජැම්ටත් අයිතියක් තියෙනවා..ජැම් කියන්නෙ ceo choi ගෙ මුනුබුරා..එයා නම වෙනස් කරත් වාසගම් වෙනස් කලත් ඒ එයාගේ සීයා...වායෝ එයාගේ අයියා..ඒකතමයි වායොත් dance වලට දක්ශයි එයානේ maxstep dance leader..ජැම් එයත් එහෙමයි dancing වලින් තොර ලෝකයක් නෑ...බලන්න ඒකෙත් හැටි දෙන්නටම තියෙන්නෙ එකම ජාන...ලේ නෑයෝ..ඒත් ජැම් කොච්චර වෙනස්ද..පොඩ්ඩක්වත් නපුරු නෑ අර වායෝ වගේ.
හරිම අහිංසකයි...මිනිහාගෙ තියෙන එක හොදක්වත් අර ගල්මූසලයා ලග නෑ..ජැම් කියන්නෙ අමුතුම චරිතයක්...හරිම ආදරනීය චරිතයක් .කාටවත් බනින්නෙ නෑ..හැමෝම වෙනුවෙන් කතා කරනවා..කාවවත් පහත් කරලා සලකන්නෙ නෑ..ඒකට වායෝ මිනිහා හිතන් ඉන්නෙ මිනිහට වඩා කෙරුමෙක් නෑ කියලා...කවදාවත් වායොට බෑ ජැම් වගේ වෙන්න...අනිත් අය දැනගත්තොත් ජැම් වායෝ ගෙ මල්ලි කියලා මට හොදටම ෂුවර් අනිත් අයත් හිතයි ජැම් වායෝ වගේ කියලා..ජැම් නැති තැන එයාට බනී..එයාගේ වැරදි කියයි....එයාට අමුතු විදියට සලකයි ceo ගෙ මුනුබුරා කියලා දැනගත්තොත් .ඒ නිසායි ජැම් එයාගේ මේ රහස කාටවත් නොකිවුවේ...මාත් ඒක ඒ විදියටම රකින්න ඕනි ඒ මගේ ජැම් . මගේ ජැම් ට වචනයක් කියන්න දෙන්නෙ නෑ මන්..වායොත් නිකමටවත් කාටවත් කියලා නෑ ජැම් කවුද කියලා...මිනිහා කැමති නැහැනෙ කෝමත් එයාගෙ තැන ජැම් එක්ක බෙදාගන්න ඒකයි ඒ...ජැම් වායෝ එක්ක එයාගෙ තැන බෙදාගන්න එයාට ලැබෙන සැලකිලි ලබාගන්න අකමැතී වගේම තමයි වායොත් කැමති නෑ ඒ එයාගෙ මල්ලි කියලා කවුරුත් දැනගන්නවට...එයාගෙ තැන ජැම්ට ලැබෙනවට ඒ නිසා දෙන්නගෙන් එක්කෙනෙක්වත් එයාලා සහෝදරයෝ කියලා කියන්නෙ නෑ...ඒත් ජැම් singer කෙනෙ වුනු දවසට මේවා එලිවෙයි.. එදාට මොනවා වෙයිද මන්දා...ඔන්න එදාට තමයි තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගන්නේ............
ඊලග දවසේ උදේ අපි vivo එකට ගියා vocal training පටන් ගත්තා...අපේ කණ්ඩායම් වෙනස් නොකර ඒවා ඒ විදියටම තියන්නෙ යේරී ෂී තිරනය කලා.මොකද ඊලග project වලටත් අපිව කණ්ඩායම් කරලා තියෙන විදිය ගොඩක් හොද නිසා...ඔන්න දැන් තමයි අමාරුම වැඩේ....හරිම pitch එකට sing කරන එක . කොච්චර සීනියර් කෙනෙක්ට උනත් ඒ දේවල් වරදින්න පුලුවන්...අපේ training පීරියඩ් එක ගොඩක් අමාරු වෙන්නයි දැන් යන්නෙ...singer කෙනෙක් වෙනවනම් නමට singer කෙනෙක් වෙන්න බෑ...හොදම කෙනෙක් වෙන්න ඕනි ...අපේ තිබුනු පිරිමි ලමයින්ගෙ කණ්ඩායම් දෙකට wang sir , wooming sir songs බෙදලා දුන්න... අපිට හම්බුනු සින්දුව තමයි btob irrestible lips...ඇත්තටම ඒ වගේ සීනියර්ස්ලගේ සින්දු කියන එක ගොඩක් අමාරු වුනා අපි වගේ අලුත් අයට . මේකෙන් අපිට මාර්ක්ස් හම්බෙනවා ඒ නිසා හැමෝම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා තමන්ගේ part එක හොදටම කියන්න...අපේ team එකේ songs part බෙදලා දුන්නෙ wang ෂී...
YOU ARE READING
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
Fanfictionහැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනව...