මට කියන්න වචනයක්වත් ඉතුරු උනේ නෑ...ඒ වගේ සැර වචන මන් කාගෙන්වත් බලාපොරොත්තු වුනේ නෑ...මට බැනලා බැනලා වායෝ ගියා...මගේ ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ මට දැනුනේ..ඔව් මන් එයා තරම්ම දක්ෂ නැතුව නැති. ඒත් මටත් හැකියාවක් තියෙන නිසයි මන් මේ වගේ ලොකු agency එකක ඔඩිශන් පාස් උනේ.. එයාලා විශ්වාස කරන්න ඇති මට හොද idol කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලා... ඒකයි මන් පාස් වුනේ... මට කවුරුත් කවදාවත්ම ඔහොම කතා කරලා නෑ...අපි කාටවත්ම කාවවත්ම විවේචනය කරන්න බැ...ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ..එක තප්පරෙකට මගේ මුලු ලෝකෙම කඩන් වැටුනා වගේ දැනුනා...එයා මට කතා කරපු විදිය එතන මගේ අම්මා හිටියනම් අම්මා දුක් වෙයි එයා මාව මෙතනට එවුව එක ගැන...මගේ මුලු ජීවිත කාලෙම මන් නාස්ති කලා වගේ කියලයි මට දැනුනේ.. ඉගෙන ගෙන Doctor කෙනෙක් වුනානම් මීට හොදයි කියලා හිතුනා... මට මෙතන ගැලපෙන්නෙ නැද්ද....වායෝ කියනවා වගේ මන් කවුද.... කිසිම හැකියාවක් නැති මෝඩයෙක්ද... මගේ ඔලුව කැරකෙන්න ගත්තා...මන් වොශ් රූම් එකට යන්න ගිය ගමන නතර කරලා ආපහු ආවේ practise room එකට... ජැම් රෝස් එක්ක බර කයියක....ලමයි Dance කරනවා ඉවරයක් නෑ...යේරී ෂී හිනා වෙවී හිටියා....wang සර් තවත් ලමයින් කට්ටියකට සිංදුවක් පුරුදු කරනවා... මේක එයාලගෙ ලෝකය...එයාලා හරිම සතුටින්...ජැම් ගෙ දිලිසෙන ඇස් මට මට මතක් උනා..රෝස් ගෙ හිනාව....ජින් ඒ ගෙ ලස්සන කම්මුල්....ජීසු ගෙ රැප්....මින්ග් ගියූ ගේ මූන...ජින් කී ගෙ කටහඩ...මේ හැම දේම එක පාරම මගේ ඔලුවට ආවේ අකුණක් ගහුවා වගේ.. මෙතන මට ගැලපෙන්නෙ නෑ... මාව අතරමන් වෙලා...මගෙ ඔලුව කැරකෙන්න ගත්තා.... මට මැරෙන්න තරම් ඔලුවෙ කැක්කුමක් ආවා...ජැම් මගේ දිහා බැලුවා.. එයා මට මොනවද කිවුවා... මට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ... එයා මන් ගාවට එන්නයි යන්නෙ....එයා මන් ගවට දුවගෙන එනවා මන් දැක්කා මට එච්චරයි මතක...මන් ආපහු නැගිටිද්දි හිටියෙ Hospital එකේ.... මන් නැගිටිනකොට අපේ සෙට් එකේ කොල්ලෝ 4දෙනාම මගෙ මූනට එබිලා බලන් හිටියා... මන් ඇස් ඇරියා විතරයි ජැම් මාව බදාගත්තා.. මන් හිතුවෙ උබ මැරුනා කියලා...ෂිකෙ මුන් වගේ යාලුවෝ... දාහෙන් සම්පතක්....
YOU ARE READING
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
Fanfictionහැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනව...