ඔයා තේරිලානෙ ජැම් . මට හරි සතුටුයි...congratulation බන්...
"මන් කිවුවනේ ඔයාට හිතෙන දේ ඔයා කරන්න...ඊලගට ඇතුලට ගියේ කෙල්ලෙක්. එයාගෙනම් මූන එච්චර හොද නෑ... එලියට ආපු ගමන් මූන අවුල් කරගත්තා ෂුවර් එයා පෙන්ඩින් වගේ....
Next Rose emilly.....
"අන්න මගේ කෙනා... අනේ දෙයියනේ එයාව පාස් කරලා දෙන්න....ජැම් දොඩවන්න ගත්තා...
මොකක් ඔයාගෙ කෙනා කිවුවේ...." මන් ආපු වෙලේ ඉදන් එයා දිහයි බලන් හිටියේ ...බලන්නකෝ රෝස මලක් වගේ හරිම ලස්සනයි නේද .....??? එයා ඇමෙරිකානු වෙක්... තාත්තා ඇමෙරිකන් , අම්මා කොරියන් ....ඇත්තමයි ඒ කෙල්ල තේරුනේ නැත්නම් මාත් ආපහු ගෙදර යනව....
මන් මිනිහගේ ඔලුවට අත තියලා උනද කියලා බැලුවා...
"පිස්සුද බන් උබට . අද දැක්ක කෙල්ලෙක් නිසා අමාරුවෙන් සිලෙක්ට් වුනු ඔඩිශන් එක ඇපේට තියන්නෙ....මේ ඒක නෙමෙයි මන් හිතන් හිටියෙ උබ කැනේඩියන් කියලා ඒ වගේ පෙනුමක් ඔයාට තියෙන්නෙ .....
" ආ... ඒමද ඔව් ඔව් අපේ තාත්තගේ තාත්තා කැනේඩියන්....ඒ කියන්නේ මං කොරියන් , කැනේඩියන් සම්මිශ්රණයක්... තේරුනේ නෑ නේද කිවුව දේ... වැඩිය හිතන්න එපා බන් මන් දන්නෙත් නෑ ඔය ජාන ගැන වැඩිය ... ඒම කියලා ජැම් ජැම් ආපහු අර සුපුරුදු හිනාව දැම්මා....
"Vivo ceo එයත් කැනෙඩියන් ... මන් එහෙම කිවුවම ජැම් හිනා වුනා ..
ජැම් ජැම් වනම් තේරුම් ගන්න අමාරුයි... මේකා මොන ජාතියෙද කියලා කල්පනා කරනකොටත් මගෙ ඔලුව රිදෙනවා... ජැම් තාමත් බලන් ඉන්නේ අර රෝස් එලියට එනකන්."අන්න ආවා... මගේ කෙනා ආවා...
රෝස් ඇත්තටම ලස්සන කෙල්ලෙක්. ජැම්ට හොදට ගැලපෙනවා කියලා මට හිතුනා.. දෙන්නම හරිම ලස්සනයි... රෝස් හරිම අහිංසක පාටයි... රෝස්ගේ මූන සතුටින් පිරිලා ඇස් දිලිසෙනවා ජැම්ගෙ වගේමයි.. එයා තේරිලා වගේ කියලා මට හිතුනා.. ඔව් මන් හරි එයා සිලෙක්ට් වෙලා ඒ කෙල්ල තව කෙල්ලෙක් ගාවට ගියා එයාගේ යාලුවා වෙන්න ඇති....
YOU ARE READING
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
Fanfictionහැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනව...