Showcase එක ඉවර උනා.. හැම දෙයක්ම අස්පස් කරලා ආපහු හෙට ඉදන් අපේ සුපුරුදු කාල සටහනට අනුව වැඩ කරන්න ඕනි නිසා අපි ඉක්මනටම dorm එකට ගියේ ටිකක් rest කරන්න.. ඒ යන අතරෙදිවත් ජැම් වැඩිය කතා කලේ නෑ.. අපි හැමෝටම ගොඩක් පුදුමයි ජැම්ට මේ වුනු අසාධාරණය . කොහෙද ඉතින් එයා එයාට වුනු අසාධාරණයට කතා කරන්නෙ නැතුව ඉන්නකොට මේ අහක ඉන්න අපිට පුලුවන්ද ඒකට විරුද්ධ වෙන්න..ජී සූ මගේ අතේ ඉල්ලිගෙන ජැම් ගෙ මූන දිහා බලලා මට ඇස් කොනෙන් ඉගි කරලා ඇහුවා ජැම්ගෙ මේ වෙනස මොකද්ද කියලා..."මන් දන්නෙ නෑ මගෙන් ඕවා අහන්න එපා " මන් ටිකක් සැරෙන් කිවුව විදියට ජී සූ බය වුනා.. ජැම් එක්ක තිබ්බ කේන්තිය ජී සූ පිටින් තමයි අන්තිමට ගියේ..ඒකට කොල්ලා කොච්චර බය වුනාද කිවුවොත් අල්ලන් හිටපු මගෙ අත අතඇරලා Mingyu ගෙ අතේ එල්ලුනා 😁dorm එකට ගියත් මන් ජැම් ජැම් එක්ක කතා කලේ නෑ.. රෑ කෑම වෙලාව ආවා ජැම් හිටියෙ ඇදේ වාඩි වෙලා මට මිනිහව තනියෙම කාමරේ දාලා කෑම කන්න යන්නත් බෑ එතකොට මිනිහා කෑම නොකා කාමරේට වෙලාම ඉදී..ඒත් එයා එක්ක කතා කරන්නත් බෑ මට ඒ තරම්ම ලොකු තරහක් තිබ්බෙ එයා එක්ක. ඒ වෙන හේතුවකට නෙමෙයි එයා එයාට වුනු අසාධාරණයට විරුද්ධව කතා කලේ නැතිනිසා..
"ජේම්ස්.. කෑම කන්න යමු.."
ඒ මන් ජැම් ට පලවෙනියටම එයාගෙ නම කියලා කතා කරපු දවස.. මන් කවදාවත් එයාට ජේම්ස් කියලා කතා කරලා නෑ මන් එයාට කතා කරන්නෙ ජැම් ජැම් කියලා නැත්නම් ජැම් කියලා විතරයි. ඒ නම හරි ප්‍රසිද්දයි.. මන් තමයි ඒ නම එයාට දැම්මෙ..දැන් හැමෝම එයාට කතා කරන්නෙ ඒ විදියට.. මගෙ හිතේ තිබ්බ කේන්තිය නිසයි මන් එයාට ජේම්ස් කියලා කතා කලේ..මිනිහා පුදුම වෙලා මන් දිහා බැලුවා එයාට තේරෙන්න ඇති අපි දෙන්නා ටිකක් දුරස් වෙලා කියලා... ඇයි මන් එයාට ඒ විදියට කතා කලේ මටත් පුදුමයි මගෙ හිතටත් හොද මදි...ජැම්ට මන් ගොඩක් ආදරෙයි.. ඒ තමයි මට මගෙ ජීවිතේ ලැබුනු හොදම යාලුවා..හරියට සහෝදරයෙක් වගේ..ජැම් පුදුමයෙන් මන් දිහා බලන් හිටියා. එයාගේ මුහුන දැක්කාම මගෙ උගුරත් එක්ක වේලිලා ගියා..ඒ ඇස් දැක්කාමත් බය හිතෙනවා
"ඇයි බන් ඒම කතා කලේ.."
ජැම් මගෙ මූන දිහා බලලා හරිම පුදුමයෙන් කතා කලේ...
"නිකන් .. යමන් කන්න " එහෙම කියන ගමන් මන් ජැම්ව පාස් කරන් කාමරේ දොර ලගට ගියා . ජැම් දුවගෙන ඇවිත් මගෙ අතින් ඇදලා මාව නතර කරගත්තා
"ටිකක් කතා කරමු බන්..
"හරි.. මන් ඒකට කැමති වුනේ මටත් ජැම්ව මේ විදියට දකින්න ඕනිනැති නිසා..මොකද්ද ජැම්ගෙ ප්‍රශ්නෙ..ඇයි ජැම් මේ විදියට ඉන්නෙ..මොකක්ද මගෙන් හංගන රහස මට මේ හැම දේම දැනගන්න ඕනි වුනා
"මට හැම දේම කියපන්.. වචනයක්වත් හංගන්නෙ නැතිව...උබ මට බොරු කියන්න එපා මන් උබ ගැන දන්නවා...ඇත්තටම උබ කවුද කියපන්.. හැබැයි උබ මට බොරු කලොත් උබෙයි මගෙයි යාලුකම....
"එහෙම කියන්න එපා බන් අපේ යාලුකමට මොකක්වත් වෙනවට මන් කැමතිනෑ..ඒ නිසයි මේ දේවල් මෙච්චර දවසක් හැංගුවෙත්...
මගේ කතාව ඉවර කරන්නත් කලින් ජැම් මැද්දට පැන්නා...
"Wayo කියන්නෙ මගේ hyung...
"මොකක් ?????????
ඇත්තටම මට ඒ දේ විශ්වාස කරන්නත් බැරි වුනා..කවුද හිතුවෙ අර ගල් මූසලයා මේකගෙ අයියා වෙයි කියලා..
" ඔය විදියට මැද්දෙන් කතාව පටන් ගන්න එපා තේරෙන්න කියපන්..
" Vivo entertainment ceo choi jae sung ගෙ මුනුබුරෙක් තමයි මමත්.. ඒ මගේ සීයා...හැබැයි නමට විතරයි...wayo ගෙ තාත්තයි අපේ තාත්තයි සහෝදරයෝ..ඉතින් බන් හරියට බැලුවොත් wayo කියන්නෙ මගෙ නෑදෑයෙක්...මගෙ සහෝදරයෙක් බන්...
"හෝ හෝ පොඩ්ඩක් හිටපන් උබ ඔය බොරු නේද කියන්නෙ.. මන් උබට හැම දාම උබ ceo ගෙ පුතා කිය කිය විහිලු කරපු නිසා උබ මාව විහිලුවට අරන් නේද...
ඇත්තටම මට ඒ වෙලාවෙ කියන්න වෙන දෙයක් තිබ්බෙ නෑ..මොනවද මට මේ ඇහෙන දේවල්...ලෝකේ කැරකෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති
YOU ARE READING
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
Fanfictionහැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනව...